කලාකරුවෙක් මියගියාම රජයෙන් කරන්න යනදේ මෙන්න

Report

කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු මිය යන විට ඔහුගේ හෝ ඇයගේ දේහය තැන්පත් කිරීම සඳහා ජාතික කලා භවනය වෙනුවට උසස් තත්ත්වයේ අවමංගල්‍ය ශාලාවක් ඉදිකිරීමට රජය තීරණය කර ඇති බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු කව්ද? - මෙන්න FBI වාර්තා

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු කව්ද? - මෙන්න FBI වාර්තා

අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය:

“ජාතික කලා භවනය තවමත් නිසි ලෙස අලුත්වැඩියා කිරීමට අපට නොහැකි වුණා. එය අපේ රටේ කලාකරුවන්, වටිනා පුද්ගලයින්, සහ මහා පුරුෂයන් මිය යන විට අවසන් පැය කිහිපය ගත කිරීමට භාවිතා කළ ස්ථානයයි. අපට එය නිවැරදි කිරීමේ බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ කියන්නේ, රජයේ විශේෂ අනුග්‍රහය යටතේ ඉතා ඉහළ මට්ටමේ අවමංගල්‍ය ශාලාවක් ඒ සඳහා වෙන් කරලා, ජාතික කලා භවනය එහි මුලික භූමිකාව වන ජාතික කලා මධ්‍යස්ථානයක් ලෙස සම්පූර්ණ කර රටට ප්‍රදානය කිරීමයි.”  

චෝදනා ලැබූ හමුදාවක්... මෝදිගේ ආරක්ෂක ගිවිසුමට විරෝධය

චෝදනා ලැබූ හමුදාවක්... මෝදිගේ ආරක්ෂක ගිවිසුමට විරෝධය