ජාතික හා පළාත් පාසල්වලත් දැවැන්ත වෙනසක් - මේ පළාත් හතරේ ගුරුවරුන්ගේ ස්ථාන මාරුවීම් කරලම වැඩ පටන් ගන්න යයි
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් රට තුළ සම වරප්‍රසාද හිමි අධ්‍යාපන රටාවක් ඇති කිරීමට නිවැරදි දත්ත කළමනාකරණයක් මත පදනම්ව තීන්දු තීරණ ගත යුතු බව සඳහන් කළා.
ඒ ඊයේ (06) දින ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතියේ මානව සම්පත් මොඩියුලයෙහි පළමු අදියර සහ "ඊ-තක්සලාව" ඉගෙනුම් කළමනාකරණ පද්ධතියේ නියමු ව්‍යාපෘතිය නිල වශයෙන් අරලියගහ මන්දිරයේදී ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමින්.
එසේම අගමැතිනිය එම අවස්ථාවේදී අවධාරණය කර ඇත්තේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් වගකියන රජයක් වශයෙන් සෑම දරුවකුටම අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සමානව අත්විඳිය හැකි ක්‍රමයක් ඇති කළ යුතු බවත්, ඒ සඳහා නිවැරදි දත්ත, ප්‍රතිපත්ති සහ තාක්ෂණික සාධක අත්‍යවශ්‍ය වන බවත් ය.
පාසල් අධ්‍යාපනයම උඩුයටිකුරු වෙයි - පාසල් සිසුන්ට සුභ ආරංචියක් - පාසල් ඉගෙනුමට ඩිජිටල් උපාංග වැඩපිළිවෙළක් ගැන අගමැතිනිය කියයි
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රධාන කුලුණු පහ යටතේ ඇති මානව සම්පත් කළමනාකරණය සහ පරිපාලන කටයුතු වඩාත් කාර්යක්ෂම හා සඵලදායී කිරීම සඳහා මෙම පද්ධතිය නිර්මාණය කර තිබෙන අතර මින් පෙර එක් එක් පළාත් මඟින් එකිනෙකට වෙනස් තොරතුරු පද්ධති භාවිතා කළද, මෙම නව පද්ධතිය ඔස්සේ ජාතික හා පළාත් පාසල්වල සියලු තොරතුරු එකම ජාලයකට ගොනු කරන බව වාර්තා වේ.
ඒ අනුව එහි පළමු අදියර යටතේ සබරගමුව, බස්නාහිර, දකුණ සහ වයඹ යන පළාත් හතරේ ගුරුවරුන්ගේ ස්ථාන මාරුවීම් මෙම පද්ධතිය හරහා සිදු කිරීමට නියමිත බව සඳහන්.
එමෙන්ම ඉදිරියේදී එය මුළු දිවයිනටම සහ සියලුම අධ්‍යයන කාර්ය මණ්ඩල සඳහා ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වේ.
ඒ ඔස්සේ ගුරුවරුන් බඳවාගැනීම්, ගුරු මාරු සහ උසස් වීම් කටයුතු වඩාත් විනිවිදභාවයකින් හා කාර්යක්ෂමව සිදු කිරීමට බලාපොරොත්තු වන බව සඳහන්.
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - මෙවර සා.පෙළ විභාගයට ඉල්ලුම් කිරීමට අපේක්ෂිත සියලුම අයදුම්කරුවන් වෙත
මේ අතර එහිදී වැඩිදුරටත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කර ඇත්තේ රජයේ සේවාවන් වඩාත් විනිවිදභාවයකින් ලබාදීමට ඩිජිටල්කරණය අත්‍යවශ්‍ය බවයි.
ඒ අනුව ඩිජිටල්කරණය යනු ගුරුවරයා වෙනුවට කරන ආදේශකයක් නොවන බවත්, එය ගුරුවරයාගේ වැදගත්කම තවදුරටත් ඉහළ නංවන මෙවලමක් පමණක් වන බවත් පැවසූ ඇය, "ඊ-තක්සලාව" ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය (LMS) ඔස්සේ සිසුන්ගේ ඉගෙනුම්, ඉගැන්වීම් සහ ඇගයීම් ක්‍රියාවලිය ඉහළ නැංවීමට මඟ පෑදෙන බවත් පෙන්වා දී ඇත.
එසේම ඒ ඔස්සේ පහසුකම් අඩු පාසල්වලට උපරිම ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමටත්, විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට අවස්ථා පුළුල් කිරීමටත් කටයුතු කරන බවත් හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කර තිබෙනවා.