ආයේ හෙල්මට් නැතුව ගියොත් ඉවරයි - නීතිය දැඩි වෙයි.. තොරතුරු දෙන්න බය නම් දැන්විය යුතු විදිහත් දන්වයි

Report

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පවුල් සංස්ථාව බිඳවැටීම නිසා දරුවන් අනාථ වීම ළමා අපයෝජන ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇති බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ වයස අවුරුදු 11ත් 17ත් අතර දරුවන් බවත් ප්‍රකාශ කර ඇත.

ඒ අනුව අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඉකුත් දින පැවැති පුත්තලම දිස්ත්‍රික්කයේ පල්ලම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමින්.

එම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා ඇත්තේ, "දරුවෙක් අනාථ වන විට පවුල් පසුබිමේ බලපෑම ඉතා විශාලයි.මේවා වළක්වා ගැනීමට මහජන නියෝජිතයන්, නිලධාරීන් මෙන්ම පුරවැසියන් ලෙස අප සැමට වගකීමක් තිබෙනවා," යනුවෙන්.

රෝගීන් වැඩි වීමෙන් සෞඛ්‍යය අංශ දැඩි වෙයි - අවදානම මැඩලීමට හෙට සිට දිස්ත්‍රික්ක 14 ක කරන්න යන දේ

රෝගීන් වැඩි වීමෙන් සෞඛ්‍යය අංශ දැඩි වෙයි - අවදානම මැඩලීමට හෙට සිට දිස්ත්‍රික්ක 14 ක කරන්න යන දේ

එසේම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය සඳහා රජය මේ වන විට "ඉවත්වනු" නමින් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම මුළුමනින්ම තුරන් කිරීම රජයේ ඉලක්කය බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.

මෑත කාලීන වැටලීම්වලදී අයිස් සහ හෙරොයින් වැනි මාරාන්තික මත්ද්‍රව්‍ය ප්‍රදේශයෙන් හමුවී ඇති අතර, මේවා පිටුපස ඉතා සංවිධානාත්මක කණ්ඩායම් සිටින බවට අමාත්‍යවරයා අනතුරු අඟවා තිබෙනවා.

එසේම ඔහු මෙහිදී සඳහන් කර ඇත්තේ පොලිසියට තොරතුරු ලබාදීමට යම් බියක් හෝ අපහසුතාවක් ඇත්නම්, ඒ පිළිබඳව වයඹ පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත සෘජුවම දැනුම් දිය හැකි බවයි.

මේ අයට පොලීසියෙන් දැනුම්දීමක් - උදෑසන 8.00 සිට සවස 5.00 තෙක් වලංගු වෙයි

මේ අයට පොලීසියෙන් දැනුම්දීමක් - උදෑසන 8.00 සිට සවස 5.00 තෙක් වලංගු වෙයි

තවද මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් ද එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ තරුණ කණ්ඩායම් හිස් ආවරණ රහිතව ගමන් කිරීම පාලනය කිරීමට දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.

එමෙන්ම ප්‍රදේශයේ යළි හිස ඔසවමින් පවතින අනවසර වැලි ජාවාරම නැවැත්වීමට කැණීම්, ප්‍රවාහනය හා ළඟ තබා ගැනීම් සම්බන්ධයෙන් දැඩි නීතිමය පියවර ගන්නා ලෙසත් පොලිසියට උපදෙස් ලබා දී ඇත.

තවද මෙම ගැටලු පක්ෂ, ජාති හෝ ආගම් භේදයකින් තොරව පොදුවේ විසඳා ගත යුතු සමාජ ව්‍යසනයන් බවත්, රටේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට සියලු දෙනා සාමූහිකව කටයුතු කළ යුතු බවත් අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා වැඩිදුරටත් අවධාරණය කර ඇත.  

ජනතාවට විශේෂ නිවේදනයක් - මේ කාන්තාව හඳුනයි නම් හෝ තොරතුරු දන්නවා නම් වහාම දන්වන්න

ජනතාවට විශේෂ නිවේදනයක් - මේ කාන්තාව හඳුනයි නම් හෝ තොරතුරු දන්නවා නම් වහාම දන්වන්න

මගේ මහත්තයා රට වෙනුවෙන් හැමදේම කළේ ,එයාට හරිම අමානුෂික විදිහට සලකලා - සුරේෂ් සලේගේ බිරිඳ කඳුළු සලමින් කියු කතාව

මගේ මහත්තයා රට වෙනුවෙන් හැමදේම කළේ ,එයාට හරිම අමානුෂික විදිහට සලකලා - සුරේෂ් සලේගේ බිරිඳ කඳුළු සලමින් කියු කතාව