“...මෙතනින් පහළ පණ නැතිව ගියා. එයාට දැන් මුලු ජීවිත කාලෙම ඇවිදින්න බෑ !.." - ධනංජයගේ ආදරණීය බිරිඳ කියන අතිශය සංවේදී කතාව -(PHOTOS)

By Sewvandhi Nov 25, 2022 03:10 PM GMT
Report
215 Shares

බොහෝ දෙනෙකුගේ ආකර්ෂණය දිනාගත්  කඩවසම් නළුවෙක් තමයි ධනංජය සිරිවර්ධන කියන්නේ.ඔහුගේ බිරිඳ ශෂිනී සිරිවර්ධන ඇයගේම යූ ටියුබ් නාලිකාවක් ඔස්සේ බොහෝ දෙනා අතර ඉතාමත් ජනප්‍රිය ආකර්ෂණීය චරිතයක් බවට පත්ව සිටිනවා.

විශේෂයෙන්ම කාන්තාවන් වෙනුවෙන් ඇය ඇගේ නාලිකාව හරහා සුවිශේෂී කාර්යභාරයක් සිදු කරනවා. මේ තියෙන්නෙ ඇය මෑතක යූටියුබ් නාලිකාවක් හා එක්වෙමින් ඇගේ ගර්භණී සමය ගැන දැක්වූ අදහස් කිහිපයක්..

"අපේ ඇඟිලි පහ ගත්තත් පස් විදිහක්නේ. ඒ වගේ කෙනාගෙන් කෙනාට ප්‍රෙග්නසි එක්ස්පීරියන්ස් එක වෙනස්. සමහර අය සෑහෙන්න දුක් විඳිනවා. සමහර කට්ටිය ඩිලිවරි එකේ මැරිලා තියෙනවා. මම දන්න ලේඩි කෙනෙක්ගේ මෙතනින් පහළ පණ නැතිව ගියා. එයාට දැන් මුලු ජීවිත කාලෙම ඇවිදින්න බෑ. එයා එච්චර කැපකිරීමක් කළා දරුව වෙනුවෙන්. සීසර් කළත් නෝමල් කළත් අම්මා අම්මාම තමයි.."

"මමත් ප්ලෑන් කළා දරුවට අවුරුද්දක් වුණාට පස්සෙ මව්කිරි දෙන එක නතර කරන්න. මොකද බයිලොජිකලී කිරිවල තියෙන ගුණ තවදුරටත් වැඩක් නෑ අවුරුද්දෙන් පස්සෙ කියලා තියෙන්නෙ. දැන් බබාට අවුරුදු දෙකත් පහුවෙලා. මම තාමත් කිරි දෙනවා. ඒක නතර කරන්න බැරි හේතුව බැඳීම. කිරි බොන එකත් එක්ක සම්බන්ධ වෙච්ච මානසික බැඳීමක්. පිටිකිරි දෙනකොට ඒ මානසික බැඳීම චුට්ටක් අඩුවෙන්න පුළුවන්. එතකොට ඒ අම්මා කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒත් අර මව්කිරි වගේ නෑ ඉතින්.."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGallery