ඇයි ලංකාවේ වැඩ්ඩෝ නැද්ද? - ලංකාව සිංගප්පූරුවක් කරන්න එරට සමාගමකට ලක්ෂ 09ක්.
බස්නාහිර පළාත සහ කොළඹ නගරය සංවර්ධනයට සමාලෝචන සැලැස්ම සකස් කිරීමට හා නැගෙනහිර පළාත සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට අදාළව සැලැස්මක් පිළියෙල කිරීම රජය විසින් සිංගප්පූරුවේ සමාගමකට මුදල් ලබා දීමට සූදානම් වන බවයි වාර්තා වන්නේ.
ඒ, අනුව බස්නාහිර පළාත සහ කොළඹ නගරය සඳහා ප්‍රධාන සැලැස්මක් සකස් කිරීමට හා නැගෙනහිර සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට අදාළව සැලසුම් සකස් කිරීම සඳහා සිංගප්පූරුවේ සර්බානා ජුංරොංග් නමැති පුද්ගලික සමාගමට ලබාදීමට නියමිතයි.
මේ වෙනුවෙන් එම සමාගමට ගෙවීමට නියමිත මුදල ඇමෙරිකානු ඩොලර් නව ලක්ෂ පනස් දෙදෙහසකි. (952,000).
මෙම මුදල මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය මගින් ගෙවීමට නියමිත බවවාර්තා වෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |