මේ මුහුදු සීමාව හරහා යන බහුදින ධීවර යාත්‍රා සඳහා නව නීතියක්

Report

අරාබි මුහුදේ ධීවර කටයුතු සඳහා මාලදිවයින් අනන්‍ය ආර්ථික කලාපය හරහා ගමන් කරන මෙරට බහුදින ධීවර යාත්‍රා විසින් අනුගමනය කළ යුතු නව ක්‍රියා පටිපාටියක් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

මාලදිවයින් මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වීම හේතුවෙන් සිදුවන අත්අඩංගුවට ගැනීම් සහ අධික දඩ මුදල් පැනවීම් වළක්වා ගැනීම මෙහි ප්‍රධාන අරමුණයි.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පෙන්වා දෙන්නේ මාලදිවයින් රජයේ නීති උල්ලංඝනය කරමින් අත්අඩංගුවට පත්වන යාත්‍රා වෙනුවෙන් මැදිහත් වීමට හෝ පෙනී සිටීමට තම දෙපාර්තමේන්තුවට හැකියාවක් නොමැති බවයි.

ජේවීපී එකට සල්ලි දීපු ඊබ්‍රාහිම්ව රකින්නේ ඇයි? - නාමල් රාජපක්ෂගෙන් මාලිමාවට සැර ප්‍රහාරයක්

ජේවීපී එකට සල්ලි දීපු ඊබ්‍රාහිම්ව රකින්නේ ඇයි? - නාමල් රාජපක්ෂගෙන් මාලිමාවට සැර ප්‍රහාරයක්

ඒ අනුව මාලදිවයින් මුහුදු සීමාවට ඇතුළු වීමට අවම වශයෙන් පැය 96කට පෙර නියමිත අයදුම්පත් සම්පූර්ණ කර අදාළ විද්‍යුත් ලිපිනයන් වෙත යොමු කළ යුතුය. අදාළ අයදුම්පත සමඟ යාත්‍රාවේ ලියාපදිංචි සහතිකය, පිටත්වීමේ පත්‍රිකාව, කාර්ය මණ්ඩල විස්තර, යාත්‍රාවේ ඡායාරූපයක් මෙන්ම ඇතුළු වන සහ පිටවන ස්ථාන සලකුණු කළ දළ සිතියමක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.

පොලීසියෙන් දැවැන්ත මෙහෙයුමක් - පුද්ගලයින් 25,683 දෙනෙකු පරීක්ෂාවට

පොලීසියෙන් දැවැන්ත මෙහෙයුමක් - පුද්ගලයින් 25,683 දෙනෙකු පරීක්ෂාවට

මෙම නීතිරීති නිසි ලෙස අනුගමනය කිරීමෙන් සිදුවිය හැකි දැවැන්ත මූල්‍යමය හා වෘත්තීයමය හානි වළක්වා ගැනීමට කටයුතු කරන ලෙස අධ්‍යක්ෂ ජනරාල්වරයා සියලුම යාත්‍රා හිමිකරුවන්ගෙන් සහ ධීවරයින්ගෙන් ඉල්ලා සිටියි