මෙන්න රටවල් තෙල් නැතිවෙන නිසා කලින්ම රුසියාවෙන් තෙල් පුරවගත්ත ඉන්දියාව
ඉරානය සහ ඊශ්‍රායෙල් අතර උණුසුම් යුධ තත්ත්වය මත ගෝලීය තෙල් වෙළඳපල දැඩි අස්ථිරතාවයකට පත් වීමට සමීපවම, ඉන්දියාව ජූනි මාසයේදී රුසියාවෙන් තෙල් මිලදී ගැනීම විශාල ලෙස වැඩි කර තිබේ.
ඉන්දියාව මෙවර ආනයනය කර ඇති රුසියන් තෙල් ප්‍රමාණය, සවුදි අරාබිය සහ ඉරාකය වැනි මැද පෙරදිග රටවල් දෙකෙන් එකට ගත් එකතුවකටත් වඩා වැඩි බව විදෙස් වාර්තා සඳහන් කරයි.

තුන්වෙනි ලෝක යුද්ධයත් හරි ඉරානයේ පිලට ඔමානය, කටාර්, ඉරාකය එක්වෙද්දී බ්‍රිතාන්‍ය, ඇමරිකා ඊශ්‍රායල පිලට
මෙම තීරණය ගැනීමට හේතුව වන්නේ ජූනි 13 වැනිදා ඊශ්‍රායෙල් විසින් ඉරානයේ න්‍යෂ්ටික පහසුකම්වලට සිදු කළ ප්‍රහාරය හා ඊට ඇමරිකානු හමුදාවද ජූනි 16 වැනිදා ඉරානයේ තවත් ත්‍රිත්ව ස්ථාන 3කට ප්‍රහාර දීමයි.
මෙම සන්ධිස්ථානය තුළ ඉන්දියාව, වෙළඳපලේ පවතින උණුසුම් සහ මිල ඉහළ යාමේ අවදානම මත, රුසියාවෙන් තෙල් මිලදී ගැනීම දැඩිව තර කරමින් ඉදිරියට පියවර ගෙන ඇත.