පුතයි බිරිඳයි අවුට් (OUT) දේශබන්දු ?

Report

මේ වනවිට වරෙන්තු නිකුත් වී අත්අඩංගුවට ගැනීමට සොයන හිටපු පොලිස්ති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ බිරිඳ සහ පුතා සම්බන්ධයෙන් අද දවසේ දී පොලිසිය කරුණු වාර්තා කර තිබෙනවා.

ඔවුන් නැවතත් ඔවුන්ට අයත් නිවසක් වෙත පැමිණ ඇති බවයි පොලිසිය කියා සිටියේ.

මන්ත්‍රීවරුන් රිලව් ගනින්න ද පන්නන්න ද ගියේ... පාර්ලිමේන්තුව හිස්

මන්ත්‍රීවරුන් රිලව් ගනින්න ද පන්නන්න ද ගියේ... පාර්ලිමේන්තුව හිස්

ඔවුන් නැවත පැමිණි බව සැලවීමත් සමග එම නිවසට ගොස් බිරිඳගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

නමුත් දේශබන්දු තෙන්නකෝන් මහතා සිටිනා ස්ථානයක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය නොවූ බව පොලිසිය කියා සිටියේ.

රට යන්න හීන පෙන්නා මුදල් වංචා කළ කතක් පොලිස් දැලේ

රට යන්න හීන පෙන්නා මුදල් වංචා කළ කතක් පොලිස් දැලේ

මාතර, වැලිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුලු‍ 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය සිකුරාදා (28) පොලිසියට නියෝග කළා.

පාන්දරින්ම සිදුවූ බිහිසුණු ගැටුම... සහෝදරයන්ට මරු කැඳවයි...

පාන්දරින්ම සිදුවූ බිහිසුණු ගැටුම... සහෝදරයන්ට මරු කැඳවයි...

නමුත් දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගන්නැයි නියෝගය ලබාදි අදට දින 15ක් ගත වී අවසන් වුවත්, මෙතෙක් ඔහු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් වාර්තා වී නැහැ.