ක්‍රිකට් රසිකයින් සංවේදී කරවමින්, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් මෙලොව හැර දා යන්නම යයි.. (PHOTOS)
Cricket
Death
England
Latest Headlines
By krishani
ටෙස්ට් ඉතිහාසයේ විශිෂ්ඨතම දඟ පන්දු යවන්නෙකු ලෙස සැලකෙන එංගලන්තයේ ඩෙරෙක් අන්ඩර්වුඩ් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඒ වයස අවුරුදු 78 දී ය.
ඔහු 1966 සහ 1982 අතර ටෙස්ට් තරග 86ක දී කඩුලු 297කට හිමිකම් කියන ලදී.
එමෙන්ම, ඔහුගේ සම්පූර්ණ පළමු පෙළ ක්‍රිකට් දිවිය කෙන්ට්හි දී ආරම්භ කළේ ය.
වයස අවුරුදු 17 දී ජාතික කණ්ඩායමට පිවිසිමට අවස්ථාව හිමිකරගත් ක්‍රීඩකයෙක් වන ඔහු දශක තුනක් පුරාවට තරග 900කට අධික ප්‍රමාණයකට ක්‍රීඩා කර තිබෙනවා.
තව ද, 1963-1987 දක්වා කඩුලු 2,523ක් ලබා ගෙන තිබෙන්නේ සාමාන්‍ය 19.04ක් ලෙස තබාගෙන වේ.
කෙසේ වෙතත්, ICC පිරිමි ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව, අන්ඩර්වුඩ් 1969 සැප්තැම්බර් සිට 1973 අගෝස්තු දක්වා ලොව අංක 1 පන්දු යවන්නා ලෙස ද ශ්‍රේණිගත කිරීම්වල නම් කර ඇත.
