වහාම ක්‍රියාත්මක වන පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කළ දේ මෙන්න.

Sri Lanka Education Exam department Scholarship exam Tuition class closed
By Aruna Jan 18, 2022 02:20 AM GMT
Aruna

Aruna

Report

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලු උපකාරක පංති, දේශන සහ සම්මන්ත්‍රණ යනාදිය පැවැත්වීම අද (18) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කර තිබෙනවා.

ශිෂ්‍යත්ව විභාගය ජනවාරි මස 22 වන දින පැවැත්වෙන බැවින් අද මධ්‍යම රාත්‍රියේ සිට එම විභාගය අවසන් වනතුරු උපකාරක පන්ති පැවැත්වීම ඇතුළු ක්‍රියාකාරකම් තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ අනුව උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය සහ බෙදාහැරීම ඇතුළු ක්‍රියාකාරකම් තහනම් බව එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha