වැස්සත් එක්ක ඩෙංගු ගැන අනතුරු ඇඟවීමක්..
Sri Lanka
Dengue Prevalence in Sri Lanka
By krishani
ඩෙංගු මදුරු ඝනත්වය පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ ඉදිරි කාලය තුළ ශීඝ්‍රයෙන් ඉහළ යා හැකි බවට කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවනවා.
ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව වසරේ ගතවූ කාලය තුළ වැඩි වී ඇත.2021 වසරේ ඔක්තෝම්බර් මස මුල් සතිය වන විට මෙරටින් වාර්තා වී ඇති මුළු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 19,912ක් වේ.
කෙසේවෙතත් මෙම වසරේ ඩෙංගු රෝගීන් 59,317ක් වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය නිකුත් කළ නවතම වාර්තාවල දැක්වේ.
වර්ෂාවේ වැඩිවීමත් සමඟ මදුරුවන් බෝවිය හැකි පරිශ්‍ර පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක දිස්නක දිසානායක දැනුම් ජනතාවට දැනුම් දෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |