ප්‍රධාන පුද්ගලයකුගේ බිරිඳ යළි රිමාන්ඩ් .

By Sithumi Apr 04, 2022 11:16 AM GMT
Sithumi

Sithumi

Report

හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රුපියල් කෝටි ගණන් වටිනා දේපළ උපයා ගනිමින් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව වරදක් සිදු කළැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රුවන් චමිල නොහොත් “දෙමටගොඩ රුවන්” නමැත්තා සහ ඔහුගේ අනියම් භාර්යාව බව කියන සුබෝධා දයාන්ගනී නමැත්තිය ලබන 18 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (04) නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (04) අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී බන්ධනාගාර ගතව සිටින සැකකරුවන් ස්කයිප් තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණය කළ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය. මෙහි දෙවන සැකකාරිය වන සුබෝධා දයාන්ගනී යන අය සන්තකයේ තිබී සොයා ගන්නා ලද කිලෝ දෙකහමාරක් පමණ වන රත්තරං ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත යවා වාර්තාවක් කැඳවන ලෙස ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය

. මෙම සිද්ධියට අදාළව තවත් ප්‍රකාශ කිහිපයක් සටහන් කර ගත යුතුව ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මෙතෙක් අවසන්ව නොමැති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කඩිනමින් අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරමින් ලබන 18 වැනිදා තෙක් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කළේය.