දෙඅත් වෙන් වෙන්නම කැපූ ගමක් බිය කල සිද්ධිය - හත් දෙනෙකු අල්ලයි - අවුරුදු 18ක අයත් ඒ අතර

Report

දෙමටගොඩ ලක්හිරු සෙවණ මහල් නිවාසය ආසන්නයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකුගේ දෙඅත් වෙන් වන ලෙස බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාසයේ නිලධාරින් ඊයේ (21) මෙම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ දෙමටගොඩ - කාලිපුල්ලවත්ත ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවන් සතු ව තිබී තියුණු ආයුධ 4 ක් සහ යතුරුපැදියක් සිය භාරයට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ.

සැකකරුවන් අවුරුදු 18 ත් 31 ත් අතර වයස්වල පසුවන වැල්ලම්පිටිය - දෙමටගොඩ සහ වැලිමඩ ප්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන්ගෙන් එක් සැකකරුවෙකු කොටහේන ප්‍රදේශයේ මනුෂ්‍ය ඝාතනයකට සහ දෙමටගොඩ ප්‍රදේශයේ කොල්ලකෑම් සහ පහරදීමේ සිද්ධීන් වලට සම්බන්ධ බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now