පාන් සහ කේක් වලට මොකක්ද මේ වුණේ?.

Report

සියයට 40කින් පමණ පාන් සහ කේක් ඉල්ලුම අඩු වී ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කළේ ය.

පාන් සහ කේක් වලට මොකක්ද මේ වුණේ?. | Demand For Bread And Cakes

එමෙන්ම, අනෙකුත් බේකරි නිෂ්පාදනවල ඉල්ලුම ද සියයට 25කින් පමණ පහත බැස ඇති බව එම සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසීය.

පසුගිය කාලය තුළ බේකරි නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යවල මිල ගණන් ද ඉහළ ගියේ ය.

එයට සමගාමීව පාන්, කේක් ඇතුළු අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ද ඉහළ දැමිණ.

කෙසේ වෙතත්, මෙවැනි පසුබිමක පාන් සහ කේක් ඉල්ලුම සියයට 40කින් පමණ පහළ බැස ඇති බවයි එම සංගමය සඳහන් කළේ.

පාන් සහ කේක් වලට මොකක්ද මේ වුණේ?. | Demand For Bread And Cakes

වැඩිදුරටත් අදහස් දක්වමින් එහි සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසුවේ බිත්තර, සීනි, මාගරින් වැනි අමුද්‍රව්‍යවල මිල අධික ලෙස ඉහළ යාම හමුවේ කේක් මිල ද ඉහළ ගිය අතර මීට වසර 3කට පමණ ඉහත දී කේක් කිලෝවක් මිල දී ගත් මුදලෙන් මේ වනවිට මිලදී ගත හැක්කේ කේක් ග්‍රෑම් 250ක් බවයි.