මන්නාරම් බොක්කේ පැවති අඩු පීඩන ප්‍රදේශය තවදුරටත් දුර්වල වෙයි - වැසි අඩු වෙයි

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවට අනුව, මන්නාරම් බොක්ක ප්‍රදේශයේ පැවති අඩු පීඩන ප්‍රදේශය තවදුරටත් දුර්වල වෙමින් පවතින අතර, එමගින් දිවයිනේ කාලගුණයට ඇති බලපෑම ක්‍රමයෙන් අඩු වෙමින් පවතී.

කෙසේ වෙතත්, මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් උතුරු, උතුරු-මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකිය. වයඹ සහ මධ්‍යම පළාත්වල ස්වල්ප වැසි ඇති විය හැකි අතර, සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

මේ කාලය ඇතුළත විදුලි ගාස්තුව 305%කින් ඉහළ දානවා - සංජීව

මේ කාලය ඇතුළත විදුලි ගාස්තුව 305%කින් ඉහළ දානවා - සංජීව

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං හා අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර, කොළඹ සිට පුත්තලම, මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතු සඳහා තිබූ අනතුරු ඇඟවීම ඉවත් කර ඇත.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං නැගෙනහිර සිට ඊසාන දිශාවට හමා එන අතර, එහි වේගය පැයට කිලෝමීටර් 30-40 අතර වේ. පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වෙරළට ඔබ්බෙන් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50-55 දක්වා ඉහළ යා හැකි බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අද ධන වැස්ස වැසෙන දවස! ටිකට් එක අරගෙන බලන්නකෝ - ධන යෝගය අද උඩින් බැහැලා

අද ධන වැස්ස වැසෙන දවස! ටිකට් එක අරගෙන බලන්නකෝ - ධන යෝගය අද උඩින් බැහැලා

රන් ගන්න ඉන්න අයට සුභ ආරංචියක් - අද මිල පහළට

රන් ගන්න ඉන්න අයට සුභ ආරංචියක් - අද මිල පහළට