හමුවන නව ආසාදිතයන්ගෙන් 90%ක් ඩෙල්ටා
කොළඹ නගරයෙන් හඳුනා ගැනෙන නව කොරෝනා ආසාදිතයින් ගෙන් 90%ක්ම ඩෙල්ටා ආසාදිතයින් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යා හා අණුක ජීව විද්‍යා අංශයේ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර පවසනවා.
2019 දෙසැම්බරයේදී චීනයේ වුහාන් නගරයෙන් සොයා ගත් මුල් කොරෝනා වෛරසයට වඩා සියයට සියයක සම්ප්‍රේෂණය හැකියාවක් ඇති නව ඩෙල්ටා ප්‍රභේදය මුහුණු ආවරණ පැළඳ නොමැති කෙනෙකුට ආසාදනය වීමට තත්පර පහක් ප්‍රමාණවත් බවත්, පැය කිහිපයක් ඇතුළත ආසාදිත පුද්ගලයාට එය තම මුළු පවුලට ලබා දිය හැකි බවත් වෛද්‍ය ජිවන්දර පෙන්වා දෙනවා.
මේ නිසා සමාජ දුරස්ථභාවය, අත් සේදීම වැනි කොවිඩ් -19 මාර්ගෝපදේශ තදින් අනුගමනය කළ යුතු බවටයි ආචාර්ය ඔහු අවධාරණය කරන්නේ. මේ වනවිට බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක තුන හැරුණු විට යාපනය, මුලතිව්, කිලිනොච්චිය, වව්නියාව, ත්‍රිකුණාමලය, දඹුල්ල, මහනුවර, අම්පාර, රත්නපුර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලින් මේ දක්වා ඩෙල්ටා ආසාදිතයන් හමුවී තිබෙනවා.
කෙසේ වෙතත් අධි සම්ප්‍රේෂණ හැකියාවක් ඇති මෙම ප්‍රභේදය තවමත් බස්නාහිර පළාතෙන් පිටත වසංගත මට්ටමෙන් තවමත් ව්‍යාප්ත වී නොමැති බවයි ආචාර්ය ජීවන්දර අවධාරණය කරන්නේ.
ඔහු පවසන්නේ තවමත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් හමු වන්නේ එතරම් භයානක නොවන සහ අඩු සම්ප්‍රේෂණ හැකියාවක් ඇති ඇල්ෆා ආසාදිතයින් බවයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 100කට අධික සංඛ්‍යාවකට ව්‍යාප්ත වී ඇති මෙම මාරාන්තික වෛරසය පාලනය කිරීම සඳහා වහ වහා නිසි ක්‍රියාමාර්ග නොගතහොත් ඉදිරියේදී ඉතාම ඉහළ මරණ සංඛ්‍යාවක් වාර්තා වීමේ අවදානමක් ඇති බවයි ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර පවසන්නේ.
මේ අතර,හෝමාගම මූලික රෝහලේ වෛද්‍යවරුන් 7 දෙනෙක් ඇතුළු 24කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි එම රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා පවසයි.
ආසාදිතයින් අතර හෙද හෙදියන් 8 දෙනෙක් ,කාර්ය මණ්ඩලයේ 6 දෙනෙක් මෙන්ම ලිපිකරුවන් තිදෙනෙක්ද වන බව වෛද්‍ය අධිකාරිවරයා සඳහන් කළේය.
එම ආසාදිත පිරිස අතර දැඩි සත්කාර ඒකකයේ සේවය කරන වෛද්‍යවරුන් සිව්දෙනකු මෙන්ම සුළු සේවකයෙක් ද වන බව වෛද්‍ය අධිකාරිවරයා පැවසීය.
ආසාදිත සුළු සේවකයන් දෙදෙනෙක් පමණක් හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර වෛද්‍යවරුන්, හෙදියන් සහ අනෙකුත් අය නිවෙස්වල ප්‍රතිකාර ලබන බව වෛද්‍ය අධිකාරිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |