අවදියෙන් සිටින්න සත්‍ය පිළිබඳ කතා කරන්න - එරංග ගුණසේකර කට අරියි

Report

පරාජිත දේශපාලන ව්‍යාපාර රට තුළ යළිත් ජාතිවාදයක් ඇති කිරීමට උත්සාහ දරන බව නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා සඳහන් කරයි.

ගොතටුව, වෙට්ලන්ඩ් පාර්ක් ප්‍රදේශයේ පැවති තෛපොංගල් සැමරුම් උත්සවයට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ, පුරවැසියන් ලෙස එක්වී එය පරාජය කළ යුතු බවය.

මට ඔහු බිංදුවයි...මිය ගිය නන්දනටත් සැර කතාවක් - ලකුණු දෙන්න මැරෙන කල් හිටපු ලාල්කාන්ත

මට ඔහු බිංදුවයි...මිය ගිය නන්දනටත් සැර කතාවක් - ලකුණු දෙන්න මැරෙන කල් හිටපු ලාල්කාන්ත

එහිදී ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,

‘පරාජිත දේශපාලන ව්‍යාපාර, ජනතාව ප්‍රතික්‍ෂේප කළ දේශපාලනඥයින් ජාතිවාදය ඉදිරියට ගේන්න විවිධ උත්සාහයන් දැරුවත් පුරවැසියන් ලෙස එක්වී එය පරාජය කළ යුතු වෙනවා. බලා සිටීමෙන් එය කරන්න බැහැ. අවදියෙන් සිටින්න. සත්‍ය පිළිබඳ කතා කරන්න. ජනතාව සහමුලින් පරාජය කළ, රටට නොගැළපෙන පරාජිත පිරිස නැවත ගෙන ඒමට හැදුවත් මේ රටේ ප්‍රගතිශීලී ජනතාව ලබාගත් ජයග්‍රහණ ආපස්සට හරවා ගැනීමට සූදානම් නැති බව කිව යුතුයි.’

යන්නෙන් සඳහන් කළේය.

ජනාධිපතිතුමනි මමත් ඔබේ ගමට ආවා.හැබැයි මම ඔබේ ගමට ඇවිල්ලා වෛරය පතුරවන්නේ නෑ

ජනාධිපතිතුමනි මමත් ඔබේ ගමට ආවා.හැබැයි මම ඔබේ ගමට ඇවිල්ලා වෛරය පතුරවන්නේ නෑ