දැදුරුඔය - පොල්ගොල්ල ජලාශවල වාන් දොරටු විවෘත කෙරේ
By Kanchana
වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ පවතින අධික වර්ෂාව හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 2ක් විවෘත කර ඇති බවයි .
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ වාන් දොරටු 2ක අඩිය බැගින් විවෘත කර ඇති බවයි. එම වාන් දොරටුවලින් තත්පරයට ඝන අඩි 1,400ක මුළු ජල ප්‍රමාණයක් මුදා හරිනු ඇත.
තවද පොල්ගොල්ල මහවැලි වේල්ල කාර්ය භාර ඉංජිනේරු කාර්යාලය සදහන් කරන්නේ පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු හයක් අද අලුයම සිට විවෘත කිරීමට පියවර ගත් බවයි.
එම වාන් දොරටු අඟල් 18 බැගින් විවෘත කර ඇති බවත් ඉන් තත්පරයට ඝන අඩි 9,000ක මුළු ජල ප්‍රමාණයක් ධාරිතාවක් වික්ටෝරියා ජලාශයට මුදා හැරෙන බවත් වාර්තා වේ.
පොල්ගොල්ල මහවැලි වේල්ල කාර්ය භාර ඉංජිනේරු කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මහවැලි ගඟ පරිහරණයේදී වඩාත් සුපරික්ෂාකාරී වන ලෙසයි.