අඹගමුවේ බලය ගන්න ඡන්ද ක්‍රම දෙකක්, සජබෙ විවෘත වෙද්දි මාලිමාව රහස් ඡන්ද

Report

අද (26) දින අඹගමුව ප්‍රාදේශිය සභාවේ මංගල සභාව අඹගමුවේ පිහිටි ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදි පවත්වා තිබෙනවා.

ඒ මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන්.

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

ඒ අනුව එම ප්‍රාදේශිය සභාවේ නව සභාපතිවරයා ලෙස සමගි ජන බගවේගයේ නාකන්දලගේ දොන් කපිල නාකන්දල මහතා තේරී පත් වී ඇත.

ඒ විවෘත ඡන්ද 11කින් බව වාර්තා වේ. එසේම ජාතික ජන බලවේගයේ සභාපතිවරයා වෙනුවෙන් යෝජනා කෙරුණු වසන්ත ප්‍රියදර්ශන මහතා විසින් ඡන්ද 10ක් ලබා ගෙන ඇති බවත් සඳහන්.

ඉරානයට ගැහුවේ ඉන්දියාවේ සහයෙන්ද? ඉන්දියාවම උත්තර දෙයි

ඉරානයට ගැහුවේ ඉන්දියාවේ සහයෙන්ද? ඉන්දියාවම උත්තර දෙයි

කෙසේ වෙතත් උප සභාපතිවරයා තේරිමට රහස් ඡන්දයක් පවත්වා ඇත.

එහිදී එම සභාවේ උප සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ උඩගෙදර මුදියන්සේලාගේ හරීන්ද්‍ර ආසිරි උඩගෙදර මහතා ඡන්ද 12 ක් ලබා ගනිමින්  තේරීපත්  තිබෙනවා.

එසේම උපසභාපතිවරයා ලෙස තරග කල විදාන ගමගේ හෙළප්‍රිය දර්ෂන නන්දරාජ මහතා විසින් ඡන්ද 7ක් ලබා ගෙන තිබූ අතර ඡන්ද දෙකක් ප්‍රතික්ෂේප වී ඇති බවත් වාර්තා විය. 

ජනාධිපති පොදු සමාවෙන් කාන්තාවන් දෙන්නෙක් මරලා දාපු හිටපු ඇමති බිරිදකුත් නිදහස් කරන්

ජනාධිපති පොදු සමාවෙන් කාන්තාවන් දෙන්නෙක් මරලා දාපු හිටපු ඇමති බිරිදකුත් නිදහස් කරන්