ඔන්ලයින් ඔස්සේ මත්පැන් අලෙවි කිරීම ගැන තීරණය අද!!!...( VIDEO)

Sri Lanka Liquor Department of Excise
By Aruna Jun 16, 2021 05:05 AM GMT
Aruna

Aruna

Report

 ඔන්ලයින් ක්‍රමවේදයක් ඔස්සේ පාරිභෝගිකයින්ට මත්පැන් මිලදී ගැනීමේ අවස්ථාව ලබාදීම පිළිබඳව මුදල් අමාත්‍යංශයේ නිර්දේශ අද (16) දිනයේ නිකුත් කිරීමට නියමිතව තිබේ.

සුපිරි වෙළෙඳසැල් හරහා ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ මත්පැන් මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලීම් රැසක් ඉදිරිපත් වී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් වූ නිර්දේශ සහ නිරීක්ෂණ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මුදල් අමාත්‍යංශය වෙත ඉදිරිපත් කර ඇත.


මුදල් අමාත්‍යංශය ලබාදෙන නිර්දේශවලට අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේය.

මේ අතර ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවිය සදහා අවසර ලබා දෙන්නේ නම් ඊට අදාල වන නීති රෙගුලාසි සහ අලුතින් ගැසට් නිවේදනයක් නිකුත් කළ යුතුද, ගෙවීම් කරන ආකාරය ආදී කරුණු සම්බන්ධයෙන් ක්‍රමවේදයක් ඉදිරිපත් කරන ලෙසයි මුදල් අමාත්‍යංශය දැනුම්දී ඇත්තේ.

එමෙන්ම ඔන්ලයින් ක්‍රමය ඔස්සේ බාල වයස්කරුවන් මත්පැන් ඇණවුම් කළහොත් ඇතිවිය හැකි තත්ත්වයන් සහ එවැනි අවස්ථා ඇතිවීම වැළැක්වීමට ගත හැකි ක්‍රියාමාර්ග යෝජනා කරන ලෙසද මුදල් අමාත්‍යංශය සුරාබදු දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී තිබෙනවා.

සුරාබදු දෙපාර්තමේන්තුව මුදල් අමාත්‍යංශයට අදාළ ඉල්ලීම ඉදිරිපත් කළේ විවිධ පාර්ශවයන්ගෙන් යොමු වූ ඉල්ලීම් සැලකිල්ලට ගෙනයි.

සංචරණ සීමා පැනවීමත් සමග නීති විරෝධි මත්පැන් භාවිතය ඉහළයාම, මත්පැන් සදහා කළු කඩ මිලක් නිර්මාණය වී තිබීම ආදී කරුණු හේතුවෙන් මෙම ඉල්ලීම ඉදිරිපත් කළ බවද සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පැවසුවා.

දවසේ වැඩිදුර තොරතුරු දැනගන්න පහත වීඩියෝව නරඹන්න.

You may like this video


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now