අද උදෑසන 8.30 ට හදිසියේ සිදු කරන්න යන දේ..හදිසි කැදවීමක්..?

By Sewvandhi Dec 06, 2021 02:19 AM GMT
Sewvandhi

Sewvandhi

Report

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (06) පැවැත්වීමට නියමිතව තිබේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 8.30ට එම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

එම සාකච්ඡාව සඳහා සහභාගි වන ලෙස සියලු පක්ෂ නායකයින්ට මේ වන විට දැනුම් දී තිබේ. පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ ඇතිවු සිද්ධීන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම හදිසි පක්ෂ නායක රැස්වීම කැඳවා ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම ඉදිරි පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් මෙහිදි අවධානය යොමුවීමට නියමිතය.

පසුගිය සිකුරාදා මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා මුල් කරගනිමින් ඇති වූ තත්ත්වයත් සමඟ අද පෙරවරුවේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමෙන් පසු පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදයට සහභාගි වනවා ද නැද් ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව සමගි ජන බලවේගය පවසනවා.

ඊයේ පස්වරුවේ ද සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස් වී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබුණා. කෙසේ වෙතත්, අද පෙරවරුවේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී තම මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නේ නම්, පාර්ලිමේන්තු පැමිණීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවයි එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක කියා සිටියේ.

මේ අතර අයවැය කාරක සභා විවාදයේ 12 වන දිනය අදයි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය, නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය, ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය, වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය සහ වෙරළ සංරක්ෂණ හා පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW