එන්නතක් විෂ වී එක්දරු මවක් ජිවිතක්ෂයට.

Sri Lanka Police Sri Lanka Hospitals in Sri Lanka Death
By krishani Jun 30, 2023 06:51 AM GMT
krishani

krishani

Report

උදරයේ ඇති වූ ආබාධ තත්ත්වයක් හේතුවෙන් ප්‍රථිකාර ගැනීමට විසිතුන් හැවිරිදි එක්දරු මවක් රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහිදී ඇයට රෝහලෙන් ලබා දුන් එන්නතකින් පසුව ඇති වූ අසාත්මිකතාවයක් හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ ජාඇල උතුරු බටගම ප්‍රදේශයේ පදිංචි විසිතුන් හැවිරිදි එක් දරු මවක් ය.

ඇය පෞද්ගලික ආයතනයක සේවයකරණ ගනකාධිකාරිවරයෙකුගේ බිරිඳකී.

කාන්තාවගේ ශරීරයට විෂබීජයක් ඇතුල් විම නිසා එයට ප්‍රථිකාර වශයෙන් ඇයට ලබාදුන් එන්නතක් අසාත්මික වීමෙන් මෙම මරණය සිදුව ඇති බව රාගම රෝහලේ අධිකරණ වෛද්‍ය ජේ.සී.බි.පොලොන්වල සඳහන් කළේ ය.