වස පානය කළ මෙරට ධීවරයින්ගෙන් මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළට.. (UPDATE)

Report

UPDATE:-

මත්පැන් බව සිතා විෂ සහිත ද්‍රාවණයක් පානය කිරීම හේතුවෙන් තංගල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයින් 6 දෙනා අතරින් මේ වනවිට 03 දෙනෙකු මියගොස් තිබෙනවා.

ප්‍රධාන මාර්ගයක් වැසෙයි?. කට්ටියක් මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයක..

ප්‍රධාන මාර්ගයක් වැසෙයි?. කට්ටියක් මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයක..

ඒ අනුව මේ වන විට මියගිය මුළු සංඛ්‍යාව තුන් දෙනෙකු වේ.

ඒ බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

-------------------------------------------------

මුහුදේ පාවෙලා ආ අමුතුම විදිහේ බෝතල් මත්පැන් කියලා බොන්න ගිහින්.. අන්තිමට නොහිතපු දෙයක් පිරිසකටම වෙලා..

මත්පැන් බව සිතා විෂ සහිත ද්‍රාවණයක් පානය කිරීමෙන් තංගල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු මියගොස් ඇත.

වස පානය කළ මෙරට ධීවරයින්ගෙන් මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළට.. (UPDATE) | Death Two Person At Tangalle

එමෙන්ම, තවත් ධීවරයින් සිව් දෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසු වේ.

ඒ බව ධීවර අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා කියා සිටියේ ය.

මෙම සිදුවීමට තංගල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය "ඩෙවෝන්" නම් බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් 06 දෙනෙකු මුහුණ පා තිබෙනවා.

ඒ ඊයේ (28) රාත්‍රියේ දී ය.

ඔවුන්ට මුහුදේ පාවෙමින් තිබු බෝතල් කිහිපයක් හමු වී ඇති අතර ඒ මත්පැන් බව සිතා තිබෙනවා.

පසුව ඔවුන් ඒවා පානය කර ඇති අතර එහිදී ධීවරයින් 06 දෙනාම රෝගී තත්ත්වයට පත්ව ඇත.

ඒ සම්බන්ධයෙන් පණිවිඩ හුවමාරු යන්ත්‍ර ඔස්සේ ඔවුන් දැනුම්දීමක් සිදුකර තිබු බව ධීවර අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය.

වැඩිදුරටත් අදහස් දැක් ඒ මහතා,

"තංගල්ල ධීවර වරායෙන් රැකියාව සඳහා ගිය මෙම යාත්‍රාවට ඊයේ රාත්‍රියේ මුහුදේ පාවෙමින් තිබුණු යම්කිසි බෝතල් වගයක් හමුවෙලා. මේ බෝතල්වල මත්පැන් කියලා විශ්වාස කරලා...

ඔවුන් අද උදේ ඒ බෝතල්වල තිබුණු දේ පානය කරලා තියෙනවා. අනතුරව කාර්යමණ්ඩලයේ 06 දෙනාම රෝගී තත්ත්වයකට පත්වෙලා.

මොවුන් දැඩි රෝගාතුරවීමට පෙර ඔවුන්ට යම් ශරීරික අපහසුතාවක් ඇති වෙලා..

පසුව ඔවුන් වහාම ගුවන් විදුලි යන්ත්‍ර ඔස්සේ ගොඩබීමේ ඇති පණිවුඩ හුවමාරු මධ්‍යස්ථානයට අමතලා තියෙනවා. එහිදී සිද්ධිය දැනුම්දීලා.

ඒ අනුව ඒ යාත්‍රාවට ඇමතීමට උත්සාහ කළත් ඔවුන් නැවත ඇමතුම් ලබාගත්තේ නැහැ. ඉන් අනතුරුව යත්‍රා නිරීක්ෂණ පද්ධතිය ඔස්සේ ඒ යාත්‍රව තියෙන තැන නිරීක්ෂණය කළා.

ඒ යාත්‍රාව ගොඩබිම සිට නාවික සැතපුම් 400කටත් වඩා ගැඹුරු දකුණු මුහුදේ. ආසන්නයේ වෙනත් ය්‍රාතාවක් යොමු කළා.

යොමුකළ යාත්‍රාවේ කාර්යමණ්ඩලය අපිට ඒ යාත්‍රාවේ එක් පුද්ගලයෙක් මියගොස් සිටිනවා ඔහු ධීවර කාර්මිකයෙක් කියලා දැන්වුවා.

ඉතුරු පස්දෙනා දැඩි රෝගාතුරුව ඉන්නවා කිව්වා. ඒ අනුව අපි ඔවුන්ට උපදෙස් ලබාදුන්නා.

ඒ යාත්‍රාව ගොඩබිමට රැගෙන එන්න කියලා. නමුත් මේ වෙනකොට අපිට ලැබුණු අලුත්ම තොරතුර අනුව තවත් කාර්මිකයෙක් මියගිහින්.

මේ වෙනකොට ධීවර කාර්මිකයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. මේවා දියඹේ සිට ලැබෙන තොරතුරු. මේ පිළිබඳ නාවික හමුදාව දැනුවත් කරලා තියෙන්නේ.."