ප්‍රධාන මාර්ගයක් වැසෙයි?. කට්ටියක් මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයක..

Report

ධීවර ජනතාව විසින් විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.

ප්‍රධාන මාර්ගයක් වැසෙයි?. කට්ටියක් මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයක.. | Colombo Kataragama Road

ඒ කොළඹ - කතරගම මාර්ගය තංගල්ල පල්ලික්කුඩා ප්‍රදේශයෙන් අවහිර කරමින් ය.

ඒ, තංගල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයින් කඩිනමින් ගොඩබිමට ගෙනවිත් දෙන ලෙස බලධාරීන්ට බල කරමින් ය.

ඊයේ (28) රාත්‍රියේ ධීවර කටයුතු සඳහා මුහුදු ගිය එම ධීවරයින්ට මුහුදේ පාවෙමින් තිබු බෝතල් කිහිපයක් හමුවී ඇත 

ඒවා මත්පැන් බව සිතා ඔවුන් ඒවා පානය කර ඇති අතර ඒ හේතුවෙන් යාත්‍රාවේ සිටි ධීවරයින් 06 දෙනාම දැඩි ලෙස අසාධ්‍ය වී තිබෙනවා.

මේ වනවිට දෙදෙනෙකු මියගොස් තිබෙන බව වාර්තා වීය.

ඒ සම්බන්ධයෙන් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරියගෙන් කල විමසීමේදී පැවසුවේ අනතුරට ලක්වූ ධීවරයන් රැගත් බහු දින ධීවර යාත්‍රාව නාවික සැතපුම් තුන්සීයකට අධික දුරකින් පවතින බවයි.

ඒ අනුව ධීවරයන් රැගෙන ඒමට නාවික හමුදා යාත්‍රාවලට දීර්ඝ කාලයක් ගතවන බව ඔහු පැවසීය.

කෙසේ වෙතත්, එම ධීවර යාත්‍රාව ආසන්නයේ පිහිටි නැව්වලට මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇති බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

වස පානය කළ මෙරට ධීවරයින්ගෙන් මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළට.. (UPDATE)

වස පානය කළ මෙරට ධීවරයින්ගෙන් මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළට.. (UPDATE)