පාසල් සිසුවියක් ගෙල වැළලාගෙන මිය යයි - විමර්ශනවල දී හෙළි වූ දේ..
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
Death
By krishani
නිවිතිගල ප්‍රදේශයේ පාසල් සිසුවියක් ගෙල වැළලාගෙන මියගිය පුවතක් වාර්තා වේ.
ඒ සිය ප්‍රේම සම්බන්ධතාවට දෙමව්පියන් විරෝධය දැක්වීම හේතුවෙන් උරණ වීමෙන් ය.
මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ නිවිතිගල කිරිබත්ගලවත්ත ප්‍රදේශයේ පදිංචි දාසය හැවිරිදි පාසල් සිසුවියක් බව පොලීසිය සඳහන් කළේ ය.
එලෙස සියදිවි හානි කරගත් සිසුවිය අධ්‍යාපනය ලැබූ පාසලේම තවත් සිසුවකු සමග ඇති කරගත් ප්‍රේම සම්බන්ධතාවයට දෙමව්පියන් විරෝධය දැක් වීම හේතුවෙන් මීට පෙර ද ඇය සියදිවි හානිකර ගැනීමට උත්සාහ කර තිබෙනවා.
ඒ බව විමර්ශනවල දී හෙළි වූ බව පොලිසිය සඳහන් කළේ ය.
