පාසල් සිසුවෙකුට දිවි අහිමි කළ පත්තු වුණ තුවක්කුව.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Death
By krishani Jun 28, 2023 05:03 AM GMT
krishani

krishani

Report

පෙරේදා (26) රාත්‍රි, වාකරේ - කට්ටමුරි කැලෑ ප්‍රදේශයේ දී බෙහෙත් කොටන තුවක්කුවක් පත්තු වී පාසල් සිසුවෙකු ජිවිතක්ෂයට පත් විය.

මෙලෙස මිය ගොස් ඇත්තේ 14 හැවිරිදි වාකරේ, සින්නතට්ටමුන ප්‍රදේශයේ පදිංචි අයෙක් වේ.

එම මියගිය දරුවා ඔහුගේ වැඩිමහල් සහෝදරයා සහ සහෝදරියන්ගේ ස්වාමි පුරුෂයන් දෙදෙනා සමඟ සතුන් දඩයම් කිරීමට පෙරේදා රාත්‍රියේ කැලෑවට ගොස් තිබෙනවා.

එහිදි මොවුන් රැගෙන ගිය ගිනි අවිය පත්තු වී මෙම මරණය සිදුව ඇත.

එම දරුවා සමඟ ගිය අවුරුදු 24, 28 සහ 32 වයස්වල පසුවන තිදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වාකරේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.