පාලිත තෙවරප්පෙරුමගේ මරණයට හේතුව තහවුරු වෙයි.. සම්පූර්ණ විස්තරය මෙන්න.

Palitha Thewarapperuma Sri Lanka Politician Death Latest Headlines Decision Making
By krishani Apr 17, 2024 12:19 PM GMT
krishani

krishani

Report

ඊයේ (16) පස්වරුවේ දී මිය ගිය හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලැබී තිබෙනවා.

පාලිත තෙවරප්පෙරුමගේ මරණයට හේතුව තහවුරු වෙයි.. සම්පූර්ණ විස්තරය මෙන්න. | Death Palitha Thewarapperuma

ඒ අනුව විදුලිසැර වැදීමෙන් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදු වූ බරපතළ හානි හේතුවෙන් සිදුවූ මරණයක් බව එමගින් තහවුරු වී ඇත.

අද (17) කළුතර නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ දී  අධිකරණ වෛද්‍ය ඒකකයේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කේ. එම්. ටී. බී. ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්විණ.

ඒ මහතා අනතුරට ලක් වූ යටදොළවත්ත, නවුත්තුඩුව කරම්පෑතර පිහිටි ස්ථානය ඊයේ (16) කළුතර අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය කේ. එම්. ටී. බී. ගුණතිලක මහතා නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර තිබෙනවා.

හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ වන අමිතා නාලිංගනී අමරතුංග මහත්මිය විසින් කළුතර ශීක්ෂණ රෝහලේ දී මෘත දේහය හඳුනාගන්නා ලදි.

අනතුරුව කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් අමාත්‍යවරයා අනතුරට ලක්වූ ස්ථානය නිරීක්‍ෂණය කර ඇත.

පාලිත තෙවරප්පෙරුමගේ හදිසි මරණය ගැන එළියට ආ තවත් තොරතුරු මෙන්න.

පාලිත තෙවරප්පෙරුමගේ හදිසි මරණය ගැන එළියට ආ තවත් තොරතුරු මෙන්න.


එමෙන්ම, මතුගම අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින් ස්ථානීය පරීක්ෂණයක් ද සිදු කර තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට පෙර කළුතර ප්‍රධාන මහෙස්ත්‍රාත් නීතා හේමමාලි හාල්පාන්දෙනිය මහත්මිය විසින් ද මෘත දේහය පරීක්ෂා කරනු ලැබූ අතර අමාත්‍යවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර ඇතුළු එම පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් ද කළුතර ශික්ෂන් රෝහලට පැමිණ තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව පස්වරු 3.30 ට පමණ මෘත දේහය අමාත්‍යවරයාගේ බිරිඳ වෙත භාර දී ඇත.

ලංකාවටම කඳුලක් ගෙනා, සොඳුරු දේශපාලකයාගේ වියෝව ගැන බුකියම සංවේදී වුණේ මෙහෙමයි.. (PHOTOS)

ලංකාවටම කඳුලක් ගෙනා, සොඳුරු දේශපාලකයාගේ වියෝව ගැන බුකියම සංවේදී වුණේ මෙහෙමයි.. (PHOTOS)


පසුව දේහය කළුතර පිහිටි මල් ශාලාවක් වෙත රැගෙන යනු ලැබූ අතර පාලිත තෙවරප්පෙරුම මහතාගේ අභාවය පිළිබඳ ශෝකය පළ කරමින් දොඩංගොඩ සහ යටදොළවත්ත ඇතුළු ප්‍රදේශවල මග දෙපස සුදු කොඩි සහ ශෝක ප්‍රකාශ බැනර් පළකර තිබෙන ආකාරය දැකගත හැකිය.

කෙසේ වෙතත්, විශාල පිරිසක් මතුගම, යටදොළවත්ත නිවසට පැමිණෙමින් සිටියි.