ප්‍රේම සබඳතාවයක් නිසා සිත් තැවුලට පත් තරුණියක් සියදිවි හානිකරගෙන..
ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් ඊයේ (19) යාපනයේ චාවාකච්චේරී - මට්ටුවිල් ප්‍රදේශයේ තරුණියක් සියදිවි හානි කරගෙන ඇත.
මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ අවුරුදු 22ක් වන තරුණියක් වන අතර මෙම තරුණිය වසරක පමණ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය ප්‍රේම සබඳතාව බිඳ වැටී ඇත.
ඇගේ පෙම්වතා වෙනත් තරුණියක සමග සබඳතාවක් පවත්වා ඇති අතර එම සිදුවීමෙන් සිත් තැවුලට පත්වීමෙන් ධර්මකුලරාසා මාරුතී නමැති මෙම තරුණිය විසින් දෙමව්පියන් කුඹුරට ගිය අවස්ථාවේ දී නිවසෙහි බාල්කයක එල්ලී ඇත.
එලෙස මියගොස් සිටි තරුණියගේ මළසිරුර චාවාකච්චේරී පොලිසිය විසින් චාවකච්චේරිය රෝහල වෙත පරීක්ෂණ කටයුතු සඳහා රැගෙන ගොස් ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්. |
