හදිසියේම විද්‍යා පීඨ සිසුවෙක් මිය යයි.
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
Death
By krishani
ඊයේ (18) දිනයේ, වවුනියාව ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයේ ඉගෙනුම ලබමින් සිටි පළමු වසර ශිෂ්‍යයකු මිය ගිය පුවතක් වාර්තා විය.
එලෙස මියගොස් ඇත්තේ, මඩකලපුවේ පදිංචි අසීස් නමැති විසිඑක් හැවිරිදි සිසුවෙක් ය.
අදාළ සිසුවාට නේවාසිකාගාරයේ සිටියදී හදිසියේම උණ රෝගය වැලඳී තිබෙනවා.ඒ හේතුවෙන් ඔහුව වහාම රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර නමුත් ඒ වන විටත් ඔහු මිය ගොස් ඇත.
කෙසේ වෙතත්, අදාළ සිසුවාගේ දේහය පරීක්ෂණ කටයුතුවලින් පසුව දෙමාපියන්ට බාර දීමට නියමිත අතර වැඩිදුර පරීක්ෂණ වවුනියාව, මහරම්බකුලම පොලිසිය විසින් සිදුකරනු ලබයි.
