සංචාරක බෑගයක දැමූ මළ සිරුරක් ඔයකින් හමු වෙලා - සිද්ධිය ගැන පොලිසිය කියූ දේ..

Sri Lanka Police Sri Lanka Police Investigation Death
By krishani Sep 15, 2023 05:37 PM GMT
krishani

krishani

Report

සීදූව - දඬුගම ඔයේ තිබී සංචාරක බෑගයක පුරවා තිබූ පුද්ගල මළ සිරුරක් සොයා ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේ ය.

පොලිසියට ලද තොරතුරක් මත කරන ලද විමර්ශනයේ දී මෙම මළ සිරුර සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

මෙම මළ සිරුර සංචාරක බෑගයට දමා දඬුගම ඔයට කිසිවකු විසින් දමා යන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

ඒ කවුරුන් විසින් ද යන්න පිළිබඳව සහ මෙලෙස මරණයට පත් වූයේ කවුරුන් ද යන්න පිළිබඳව සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇත.

කෙසේ වෙතත්, මෙම මළ සිරුර පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සීදුව පොලිසිය විසින් සිදු කරනු ලබයි.

ReeCha