වැඩබිමක අනතුරකින් පුද්ගලයෙක් අවාසනාවන්ත ලෙස මිය යයි.
Sri Lanka Police
Sri Lanka Police Investigation
Accident
Death
By krishani
අද (28) අලුත්ගම - මොරගල්ලෙ ඉදිකෙරෙන සංචාරක හෝටල් වැඩබිමක තරුණයෙක් මියගොස් තිබෙනවා.
ඒ බිම සිට ඉහළ මහල් වෙත වැලි අදින යන්ත්‍රයක් ගැටී සිදු වූ අනතුරකින් ය.
මෙසේ මියගොස් ඇත්තේ එහි උපකොන්ත්‍රාත්කරුවෙකු ලෙස සේවය කළ කොබෙයිදූව - මිරිස්වත්ත, බෙන්තොට ලිපිනයේ පදිංචිව සිටි ගලබොඩ ආරච්චිගේ එරන්ද සම්පත් නැමැති වයස අවුරුදු 24ක අවිවාහකයෙක් තරුණයෙක් ය.
තුවාලකරු කඩිනමින් රෝහල්ගත කළ ද ඒ වන විටත් ඔහු මියගොස් තිබෙනවා.
කෙසේ වෙතත්, එම යන්ත්‍රයේ අනාරක්ෂිතව භාවය හේතුවෙන් සිදු වූ අනතුරකින් මෙම මරණය සිදු වී ඇති බව මරණ පරීක්ෂකවරයා නිගමනය කර ඇති බව අලුත්ගම පොලිසිය සඳහන් කළේ ය.
