දුම්රිය වැසිකිළියේ තිබූ බිළිදු මළසිරුරට මොකද වෙන්නේ? මෙන්න විස්තරේ

Sri Lanka Police Death Latest Headlines Saroja Savithri Paulraj Sinhala news
By Ashfa Aug 04, 2025 03:57 PM GMT
Ashfa

Ashfa

Report

මාලිගාවත්ත දුම්රිය ස්ථානයේ නවතා තිබූ දුම්රියක වැසිකිළියකින් දින තුනක බිළිඳෙකුගේ මළ සිරුරක් සොයා ගැනීම සම්බන්ධයෙන් කාන්තා කටයුතු හා ළමා ආරක්ෂණ අමාත්‍ය සරෝජා සාවිත්‍රි පොල්රාජ් මහත්මිය, වහාම සවිස්තරාත්මක වාර්තාවක් ඉල්ලා තිබේ.

දහදෙනෙක් වටවෙලා කඩු පොලු වලින් පොලිස් නිලධාරියාට ගහලා

දහදෙනෙක් වටවෙලා කඩු පොලු වලින් පොලිස් නිලධාරියාට ගහලා

මෙම කණගාටුදායක සිදුවීම පිළිබඳව දෙමටගොඩ පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා දූෂණ විමර්ශන ඒකකය මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇත. මෙම මළ සිරුර සොයා ගැනුණේ පුත්තලම සිට කොළඹ කොටුව වෙත ධාවනය වූ දුම්රියක දුම්රිය පිරිසිදු කරන්නෙකු විසින් පසුගිය සතියේදීය.

නගරේ මැද අමු නිරුවතින් සයිකලේ ගිහින්

නගරේ මැද අමු නිරුවතින් සයිකලේ ගිහින්

ඔහු දුම්රිය නවතා තිබියදී වැසිකිළියක් පිරිසිදු කිරීමේදී මෙම සිරුර සොයාගෙන තිබේ. පොලිසිය පවසන්නේ, මෙම සිද්ධිය පිළිබඳව සම්පුර්ණ තොරතුරු හෙළිදරව් කර ගැනීම සඳහා පුත්තලම සිට කොළඹ දක්වා සියලු දුම්රිය ස්ථානවල සීසීටීවී කැමරා පටිගත කිරීම් ලබාගෙන විමර්ශනයක් ක්‍රියාත්මක කර ඇති බවයි.

පාසල් 72ක් වසා දැමීමට සුදානම් - අමාත්‍යවරයාගෙන් දැඩි විරෝධයක්

පාසල් 72ක් වසා දැමීමට සුදානම් - අමාත්‍යවරයාගෙන් දැඩි විරෝධයක්

තවද, බිළිඳා ජීවත්ව සිටියේ දැයි, නැතහොත් මළව සිටි තත්ත්වයකදී දුම්රිය වැසිකිළිය තුළට දැමූයේ දැයි පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවකට පසු වඩාත් නිශ්චිත තොරතුරු ලැබෙනු ඇති බව පොලීසිය සඳහන් කරයි.

මෙම සිද්ධිය සමාජයෙන්ද විශාල කතාබහක් ඇති කරමින්, අවිධිමත් ගැබ්ගැනීම් සහ ළමා හිමිකම් පිළිබඳව දැඩි සැලකිල්ලක් යොමු කිරීමට හේතු වී ඇත. 

ReeCha