සියලු රාජ්‍ය ආයතන සහ පාසල් ආවරණය වන පරිදි චක්‍රලේඛ.. ජූනි 24, 25 සහ 26 යන තෙදින තුළ දිවයින පුරා කරන්න යන දේ මෙන්න

Report

අද (22) දින පස්වරුවේ නිරිත දිග මෝසම් සමය හේතුවෙන් ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වන ඩෙංගු උවදුර මර්දනය වෙනුවෙන් ගත යුතු කෙටි කාලීන සහ දිගුකාලීන සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පවත්වා ඇත.

ඒ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

එහිදී තීරණය කර ඇත්තේ කෙටි කාලීන ඩෙංගු මර්දනය සඳහා රාජ්‍ය ආයතන, පාසල් සහ පළාත් පාලන ආයතන ආවරණය වන පරිදි ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳ චක්‍රලේඛ නිකුත් කිරීමට සහ ජූනි 24, 25 සහ 26 යන තෙදින තුළ ග්‍රාම නිලධාරී වසම් 600ක් ආවරණය වන පරිදි ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටයි.

විශේෂ දැනුම්දීමක් මේ අය අනිවාර්යයෙන් ලියාපදිංචි වෙන්න - ජූලි 01 දා සිට දිවයින පුරා ක්‍රියාත්මකයි

විශේෂ දැනුම්දීමක් මේ අය අනිවාර්යයෙන් ලියාපදිංචි වෙන්න - ජූලි 01 දා සිට දිවයින පුරා ක්‍රියාත්මකයි

එමෙන්ම මෙහිදී ත්‍රිවිධ හමුදාවේ මුලිකත්වයෙන් අධීක්ෂණ ඒකකයක් පිහිටුවීම සහ නීතිමය ක්‍රියාමාර්ග දැඩි කිරීමට ද, මේ වන විට ප්‍රාදේශීය මට්ටමින් පිහිටුවා ඇති ප්‍රජා ශක්ති සහ මහජන ආරක්ෂක කමිටු මඟින් ඩෙංගු මර්දන කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීමටත් තීරණය කර ඇත.

එමෙන්ම මෙම සාකච්ඡාවේදී අවධාරණය කර ඇත්තේ මේ වන විට පාසල්, කර්මාන්ත ශාලා, රාජ්‍ය ආයතන සහ ආගමික ස්ථාන බහුල වශයෙන් ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන ලෙස හඳුනා ගෙන ඇති බැවින් එම ස්ථාන ආවරණය වන පරිදි කෙටි කාලීන ක්‍රියාමාර්ග කඩිනම් කිරීමේ අවශ්‍යතාවයි.

එමෙන්ම වරින් වර ඇතිවන මෙවැනි ප්‍රවණතා මග හරවා ගැනීමට ගත යුතු දිගු කාලීන ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කර ඇත.

ආයේ තෙල් ගහන්න QR ඕනේ නැද්ද? තීරණය සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ප්‍රකශයක්

ආයේ තෙල් ගහන්න QR ඕනේ නැද්ද? තීරණය සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ප්‍රකශයක්

මෙම සාකච්ඡාවට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ප්‍රභාත් චන්ද්‍ර කීර්තිති, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් රසල් අපොන්සු, ජනාධිපති අතිරේක ලේකම් සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ ප්‍රධානි එස්. පී. සී සුගීෂ්වර යන මහත්වරුද, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය, ජාතික ඩෙංගු මර්දන ඒකකය, ජාතික බෝවන රෝග විද්‍යායතනය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්‌යාලය, කොළඹ මහනගර සභාව, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ ත්‍රිවිධ හමුදාව ආදිය නියෝජනය කරමින් නිලධාරීන් රැසක් ද සහභාගී විය.

රටම බලා සිටි මෙවර සාමාන්‍ය පෙළ විශිෂ්ටයෝ මෙන්න - A 9 ගත්තු අයම 11,795ක්

රටම බලා සිටි මෙවර සාමාන්‍ය පෙළ විශිෂ්ටයෝ මෙන්න - A 9 ගත්තු අයම 11,795ක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවෙක්ගේ ශිෂ්‍ය භාවය අහෝසිකිරීමට තීරණයක් - සරසවියම කළඹපු හේතුව මෙන්න

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවෙක්ගේ ශිෂ්‍ය භාවය අහෝසිකිරීමට තීරණයක් - සරසවියම කළඹපු හේතුව මෙන්න