ප්ලීස් එපා.. ඉස්සෙල්ලා තියෙන ප්‍රශ්න ටික විසඳලා ඉන්න - නාමල්ගේ කතාවට සජිත්ගෙනුත් දැඩි විවේචනයක්
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර ඇත්තේ රජය මඟින් කෙසෙල් ගස්වල පටවලින් රෙදි නිෂ්පාදනය කිරීමට අවධානය යොමු කිරීමට ප්‍රථම, වත්මන් ආර්ථික අර්බුදය හමුවේ දැඩි අවදානමකට ලක්ව ඇති ශ්‍රී ලංකාවේ පවතින ඇඟලුම් කර්මාන්තශාලා සුරක්ෂිත කිරීමට ප්‍රමුඛතාව ලබා දිය යුතු බවයි.
ඒ අනුව ඔහු මේ බව පවසා ඇත්තේ ජනහමුවක් අමතමින්.
එහිදී ඔහු පෙන්වා දුන්නේ පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තශාලා මේ වන විට අස්ථාවර තත්ත්වයකට පත්ව ඇති බවයි.
ඔහු කියා සිටියේ, "වත්මන් ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවේ ඇඟලුම් කර්මාන්තශාලා තියෙන්නේ ඉතාමත් අවදානම් අඩියක. ඒ නිසා මේ මොහොතේ අත්‍යවශ්‍යම දේ තමයි ඒ කර්මාන්තශාලා ටික රැකගන්න එක. කෙසෙල් පටවලින් රෙදි නිෂ්පාදනය කරන්න හිතන්න කලින් රජය මේ ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුතුයි" යනුවෙන්.
විපක්ෂ නායකවරයා මෙම අදහස් දක්වා ඇත්තේ කෙසෙල් ගස්වල පට උපයෝගී කරගනිමින් රෙදිපිළි නිෂ්පාදනය කිරීමේ සැලසුමක් පවතින බවට කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා මෑතකදී සිදුකළ ප්‍රකාශය විවේචනය කරමින්.