කුරුඳු වත්තකි කාන්තා මළසිරුරක් හමුවෙයි

By Sewvandhi Sep 30, 2023 12:26 PM GMT
Sewvandhi

Sewvandhi

Report

නෙළුව, පන්නිමුල්ල ප්‍රදේශයේ කුරුඳු වත්තක තිබී සැකකටයුතු ලෙස මියගොස් සිටි කාන්තාවකගේ මළසිරුරක් සොයාගෙන තිබේ.

මානසික ආබාධ තත්ත්වයකින් පෙළෙන ඇය පසුගිය 23 වනදා සිට අතුරුදන්ව සිටි බව පොලීසිය පැවසීය.

ඒ අනුව ඇයගේ මළසිරුර ඊයේ (29) පස්වරුවේ කුරුඳු වත්තක තිබී සොයාගෙන තිබේ. මියගොස් ඇත්තේ 70 හැවිරිදි කාන්තාවක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් නෙළුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි

. මේ අතර පොල්ගහවෙල, හුබත්ගම ප්‍රදේශයේදී කානුවකට ඇද වැටීමෙන් පුද්ගලයෙක් මියගොස් තිබේ. 55 හැවිරිදි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සැරයන්වරයෙකු වන අදාළ පුද්ගලයා රාත්‍රී කාලයේ නිවසින් බැහැරව ගොස් යළි නොපැමිණීම හේතුවෙන් සිදුකළ සොයා බැලීමකදී ඔහුගේ මළසිරුර මෙලෙස සොයාගෙන ඇති බව පොලීසිය පැවසීය. උපුටා ගැනීමක් 

ReeCha