ජයග්‍රාහී අවසානයකින් පසු ක්‍රිකට් ක්‍රීඩකයෙක් ටෙස්ට් ක්‍රිකට් පිටියට සමු දෙයි.. (PHOTOS)
By krishani
ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඩේවිඩ් වෝනර් ජයග්‍රාහී අවසානයක් සනිටුහන් කරමින් ටෙස්ට් ක්‍රිකට් පිටියට සමු දී ඇත.

ඒ සිඩ්නිහි දී ඕස්ට්‍රේලියාව හා පාකිස්ථානය අතර පැවති තෙවැනි ටෙස්ට් තරගයෙන් පසුවයි.
එහිදී ඔස්ට්‍රේලියාව කඩුලු 08ක ජයක් වාර්තා කිරීමට සමත් විය.

2011 වසරේ දී ඩේවිඩ් සිය මංගල ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කළේ ය.
පසුව ඔහු ටෙස්ට් තරග 112ක් ක්‍රීඩා කර ඇති අතර වෝනර් පිටියට සමුදෙන විට රැස් කරගෙන සිටි ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 8,786ක් වේ.

කෙසේ වෙතත්, එයට ශතක 26ක් සහ අර්ධ ශතක 37ක් ඇතුළත් වේ.
Sponsored By Sarrita Jewellery
රත්තරන් කොච්චර ගණන් ඉස්සුවත් - අඩුම ගානට රනින් බැබලෙන්න මෙන්න හොදම තැන |