දසුන් ශානකට නියම කළ දඩය..

Cricket Sri Lanka Cricket Dasun Shanaka
By krishani Dec 12, 2022 07:36 AM GMT
krishani

krishani

Report

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම සමඟ පැවති තරගයේ දී විනිසුරු තීරණයට විරෝධය පෑම නිසා දඹුල්ල අවුරා කණ්ඩායමේ නායක දසුන් ශානකට ඩොලර් 3,000ක දඩයක් නියම කර ඇත.

මෙම තරගාවලියේ දඹුල්ල අවුරා කණ්ඩායමට එරෙහිව පැවති තවත් තරගයකින් ලකුණු 51ක පහසු ජයක් ලැබීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඊයේ සමත් වූ අතර තරගයේ කාසියේ වාසිය දිනූ දඹුල්ල කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට ජැෆ්නා  කණ්ඩායමට අවස්ථාව ලබාදුන්නේ ය.

ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා කණ්ඩායම නියමිත පන්දු වාර විස්ස අවසානයේ දී කඩුලු හතරක් දැවී ලකුණු 240ක් රැස් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha