දොළොස්බාගේ රාක්ෂාවකන්ද ඛේදවාචකය - රටම කම්පා කරමින් ජීවිත 20ක් පොළොවට පස් වෙයි
මහනුවර දිස්ත්‍රික්කයට අයත් ගඟඉහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දොළොස්බාගේ පරගල පිහිටි රාක්ෂාවකන්ද නායයෑමෙන් අහිමි වී ඇති ජීවිත සංඛ්‍යාව 20කි.
අධික වර්ෂාව සමඟ රාක්ෂාව කන්ද කිලෝමීටර් ගණනක් දුරට පහළට අකාරුණිකව පැමිණ තිබුණේ පවුල් 46ක 100කට අධික පිරිසකගේ ජීවිත පීඩාවට ලක් කරමින්.
දොළොස්බාගේ පරගල නම් මෙම ගම්මානයේ පවුල් 46ක් වතු නිවාස පේළි දෙකක ජීවත්වෙමින් සිට ඇත. එසේම ඔවුන්ගෙන් බහුතරයක ජීවිකාව වූයේ තේ වතු ආශ්‍රිත රැකියා සහ එදිනෙදා කුලී වැඩ කිරීම බව වාර්තා වුණා.
පසුගිය 27 වන දින රාත්‍රී 7ට පමණ කඳු මුදුන පුපුරමින් මහා පස් කන්දක් කිලෝ මීටර් 2කට ආසන්න දුරක් පහළට කඩා වැටුණේ නිවාස 46ක තිබූ බඩු බාහිරාදිය සහ ත්‍රිරෝද රථ ඇතුළු බොහෝ දෑ එක් නිමේෂයකින් විනාශ කරමින්.
එමෙන්ම වෙනදා නොතිබුණු දිය පහරක් පරගල ගම හරහා වැටී තිබූ මාර්ගය හරහා ගලා බසින බව ද වාර්තා වේ.
මේ වන විට ඇඳිවත පමණක් ඉතිරි වූ මේ අහිසංක මිනිසුන්, බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ තමන්ට යළිත් ජීවිත්විය යුතු බව පමණයි.