ලෝක කුසලානය දසුන් උස්සනවා බලන්න මම හරි ආසයි, ඔහුව මට ලැබුනේ වාසනාවට-දස්සාගේ ආදරණීය බිරිඳ (PHOTOS)

By Sithumi Aug 29, 2022 12:37 PM GMT
Sithumi

Sithumi

Report

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ පිති කරුවෙක්, පන්දු යවන්නෙක් මෙන්ම පන්දු රකින්නෙක් විදිහට ඔහුව හදුන්වලා දෙන්න පුළුවන්.

ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින සහ විස්සයි විස්ස නායකයා විදිහට කටයුතු කරන මේ තුන් ඉරියව් ක්‍රීඩකයාව බොහෝ දෙනෙක් හදුනන්නේ දස්සා කියන නමින්. ඉතින් ක්‍රීඩා ජීවිතයයි පවුල් ජීවිතයයි දෙකම සාර්ථකව පවත්වාගෙන යන ඔහු විවාහ වෙලා ඉන්නේ චෙවන්ති පෙරේරා කියන සුරූපී තරුණිය සමඟයි. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා දසුන් ගෙන වගේම මේ ආදරණීය යුවල දැන් ගෙවන සුන්දර ජීවිතය ගැනත් කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් දසුන්ගේ බිරිඳ වෙන්න ඇය ගොඩක් වාසනාවන්ත වුණා කියලයි ඇය කියන්නේ.

මොකද දසුන් කියන්නේ මුළු ලංකාවම ආදරය කරන චරිතයක් නිසා. ඉතින් එහෙම කෙනෙක්ගේ බිරිඳ වෙන්න ලැබුණු එක ගැන ලොකු සතුටක් වගේම නිහතමානී ආඩම්බරයක් තියෙනවා කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ වගේම දසුන්ගේ නායකත්වයෙන් ලංකාවේ ඇතුළේ තියෙන තරගයක් නම් ඒක බලන්න ඇය ගොඩාක් වෙලාවට යනවාලු. හැබැයි පිටරටක වගේ නම් සමහර වෙලාවට යැවෙන්නේ නැහැලු. හැබැයි දසුන් ක්‍රීඩාකරන හැම තරගයක්ම වගේ බලන්න යන්න ආසයි කියලයි ඇය කියන්නේ.

GalleryGalleryGalleryGallery