ඩනීෂ් අලී සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද දින කළ නියෝගය..

Sri Lanka Police Colombo SL Protest Sri Lanka Anti-Govt Protest
By krishani Aug 01, 2022 07:07 AM GMT
krishani

krishani

Report

අද (01) පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ධනීෂ් අලී අගෝස්තු මස 15 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය විසින් නියෝග කරනු ලැබුවේ ය.

ජාතික රූපවාහිනියට ඇතුළු වී ප්‍රචණ්ඩකාරීව හැසිරෙමින් එහි විකාශන කටයුතුවලට බාධා එල්ල කිරීම ඇතුළු තවත් චෝදනා කිහිපයකට අත්අඩංගුවට ගත් ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන ආ අතර අදාළ නඩුව පෙරවරු 9.45 ට පමණ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඉදිරියේදී ආරම්භ විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha