විශ්වවිද්‍යාල සහ පාසල් සිසුන් සම්බන්ධයෙන් දමිතාගෙන් ප්‍රකාශයක්..

Report

ඇතැම් දේශපාලනඥයන් විශ්වවිද්‍යාල සිසුන් හා පාසල් දරුවන් දේශපාලන ක්‍රියාවන්වලට සම්බන්ධකර ගැනීම ඉතා පහත් ක්‍රියාවක් ලෙස තමන් එම ක්‍රියාව සම්බන්ධයෙන් තරයේම ප්‍රතික්ෂේප කරන බව ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය පවසනවා.

ඒ මහත්මිය එසේ පැවසුවේ, ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණය සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදය ජනතා සන්ධානය කොළඹ, තිබිරිගස්යාය උද්‍යාන පාරේදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදීයි.

විශ්වවිද්‍යාල දරුවන්ගේ අධ්‍යාපනය රිසිසේ ඔවුන්ට කරගෙන යන්න ඉඩ දෙන්න ඕනෑ, සමහර දේශපාලනඥයන් පාසල් දරුවන් හා විශ්වවිද්‍යාල දරුවන් නොමග යවන්න නොයෙක් දරුවන්ට නොගැළපෙන දේවල්වලට යොමු කරන්න උත්සාහ ගන්නා බවයි ඒ මහත්මිය වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ. නමුත් මම එම ක්‍රියාව තරයේම හෙළා දකිනවා.

විශාල පිරිසක් භාවිතා කරන Smart Phone වර්ගයක් තහනම් කරයි..

විශාල පිරිසක් භාවිතා කරන Smart Phone වර්ගයක් තහනම් කරයි..


විශේෂයෙන්ම අනාගත දරුවන් වෙනුවෙනුත්, කාන්තාවන් වෙනුවෙනුත් අපි ඉදිරියේදී හඬක් නැගිය යුතු බව මම විශ්වාස කරනවා. දැනට වර්තමාන රජයෙන් දරුවන්ට පාසලෙන් ලබාදෙන ආහාර වේලත් නවත්වල කියල දැනගන්න ලැබුණා.

නමුත් එය ඉතාමත් අසාධාරණ ක්‍රියාවක් බවයි මා දකින්නෙ. කෙසේ නමුත් ඒ මහත්මිය පැවසුවේ, ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණයේදී යම් හඬක් නඟා රට යහපත් තත්ත්වයකට ගෙන ඒම තමාගේ ද උත්සාහය බවයි.

ප්‍රජාතන්ත්‍රවාදී ජනතා සන්ධානයේ නායක ආචාර්ය මොහාන් පෙරේරා මහතා ද ඊට එක්ව සිටියා.