ඊළඟ ජනපතිවරණයට එන ඩලස්.

Sri Lanka Politician Sri Lanka President of Sri lanka
By Wayomi Jul 18, 2023 11:53 AM GMT
Wayomi

Wayomi

Report

ඉදිරි ජනාධිපතිවරණයේදී නිදහස ජනතා සභාවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඉදිරිපත් වීමට නියමිත බව වාර්තා වෙනවා.

ඒ, අනුව මේ සම්බන්ධව ඉදිරියේදී විපක්ෂයේ කණ්ඩායම් සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල පවසනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා මෙරට ජනාධිපති ධූරය හෝ අගමැති ධූරය දැරීමට ඉතා සුදුසු අදූෂිත පුද්ගලයෙකු යැයි ද එම නිසා ඔහු මෙරට ජනාධිපති ධූරයට පත් කිරීම වෙනුවෙන් විපක්ෂය ද එක් විය යුතු බවයි.

මන්ත්‍රී ලලිත් එල්ලාවල මෙම ප්‍රකාශ සිදු කළේ, ජූලි 16 පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.     


ReeCha