සියලුම දරුවන් දහම් පාසල් යැවීම අනිවාර්ය කරයි..

Ministry of Education Sri Lanka Education
By Aruna May 05, 2023 04:09 AM GMT
Aruna

Aruna

Report

දරුවන් දහම් පාසල් අධ්‍යාපනය ලැබීම අනිවාර්ය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ සදහා අදාළ සන්දේශයක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල බවයි බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසන්නේ.

වෙසක් මහෝත්සවයට සමගාමීව දරුවන්ගේ දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමට මෙම පියවර ගත් බවත් මෙම වැඩ පිළිවෙළ අනුව දහම් පාසැල් නොයන දරුවන් හඳුනා ගෙන ඔවුන් දහම් පාසල් වෙත යොමු කිරීමට ද අවධානය යොමුව ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

හික්මීම නොමැතිකම ආගම දහමට ලැදියාව අඩුවීම වැනි තත්ත්වයන් තුළ සමාජයේ ඇතිවී තිබෙන නොයෙකුත් විෂමතාවයන් අවම කර ගැනීම සඳහා වැඩපිළිවෙළේ මූලික අරමුණ බවද අමාත්‍යවරයා කියා සිටියා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ReeCha