ගින්න තවත් දරුණු අතට...ප්‍රදේශ රැසකට ඇඳිරි නීතිය පනවයි..
අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් සහ අවට ප්‍රදේශවල රාත්‍රී කාලයේ ඇදිරි නීතිය පැනවීමට ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන තිබේ.
එයට හේතු වී ඇත්තේ, ලැව්ගිනි හේතුවෙන් නිවාස අතහැර ගොස් ඇති ජනතාවගේ දේපළ සොරකම් කිරීමේ සිද්ධි වාර්තාවීමයි. පැතිර යන ලැව්ගිනි හේතුවෙන් නිවාස ඇතුලු ගොඩප්නැගිලි 10,000 කට වැඩි සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය.
විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ, ලැව්ගිනි හේතුවෙන් පුද්ගල මරණ 11ක් වාර්තා වන අතර, 180,000 කට වැඩි පිරිසක් ආරක්ෂක ස්ථාන කරා යොමු කර ඇති බවයි.
මේ අතර ගිනි නිවන භටයින්ට ගින්න මැඩපැවැත්වීම සඳහා ප්‍රමාණවත් ජලය නොමැති බවට කැලිෆෝනියා ආණ්ඩුකාරවරයා සිදුකර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් විවේචන රැසක්ද එල්ල වී තිබේ.
මේ අතර අයවැය කප්පාදුව ලැව්ගිනි මැඩපැවැත්වීමේ හැකියාවට බලපාන බවයි, ලොස් ඇන්ජලීස් ගිනි නිවන ප්‍රධානියා පවසා ඇත්තේ.
ඔහු එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා ඇත්තේ අයවැය කප්පාදුව තම කණ්ඩායමේ ලැව්ගිනි මැඩපැවැත්වීමේ හැකියාවට සෘණාත්මක බලපෑමක් එල්ල කර ඇති බවය.
මේ අතර මෙම ව්‍යාප්ත ව යමින් පවතින ගින්න හේතුවෙන් අමෙරිකාවේ රංගන ශිල්පියෙකු මෙන්ම ඔස්කාර් සම්මානලාභී ඇන්තනී හොප්කින්ස්ගේ නිවසද විනාශ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. නිවස ගිනි ගැනීමෙන් පසු පණිවිඩයක් යොමු කරමින් ඔහු පවසා ඇත්තේ මෙම ගිනිගැනීම්වල විනාශයෙන් සුවය ලැබීමට අප සියලු දෙනා අරගල කරන විට අප සමඟ රැගෙන යන එකම දෙය අප ලබා දෙන ආදරය බව මතක තබා ගැනීම වැදගත් බවය.
යටගත් මෙම ගින්න හේතුවෙන් අමෙරිකාව නොයෙකුත් ගැටළු රාශ්‍රියකට මේ වන විට මුහුණ දෙමින් සිටිති. සැන් විසෙන්ට් බොලිවාර්ඩ් හී උතුරුන් පිහිටි ප්‍රදේශයේ පදිංචිකරුවන්ට ජල නල මාර්ගවලින් පැමිණෙන ජලය පානය කිරීමේ වලකින ලෙස නිවේදනයක්ද නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ ජල පද්ධතියට ඇතුළු වී ඇති ගින්න ආශ්‍රිත දූෂක විභවය හේතුවෙන් බවද සඳහන් වේ.
මේ හේතුවෙන් පානිය ජල මාර්ගවලින් ලබා ගන්නා ජලයෙන් ආහාර පිසීම හෝ නොකළ යුතු බවත් උණු වතුර භාවිතය සීමා කළ යුතු බවත් එහි සඳහන් ව තිබේ. අඟහරුවාදා සිට ඇවිළී ගොස් පවතින මෙම ගින්න මැඩපැවැත්වීමට නිලධාරීන් කටයුතු කරන බැවින් ඉවත් කිරීම් නියෝග පුළුල් කිරීමටද කටයුතු කර තිබේ.
තවද තද සුළං සඳහා වන පුරෝකථනයක් මගින් ගින්න තවදුරටත් පැතිර යා හැකි බවට ද අනතුරු අඟවා තිබේ. අමෙරිකාවේ හටගත් මෙම ගින්න තවමත් පාලනය කිරීමට නොහැකි ව තිබේ.