දිවයින පුරා ප්‍රදේශ රැසකට වැසි තත්ත්වයේ වැඩි වීමක්..ඉදිරි පැය 24 ගැන අවධානයෙන් ඉන්න.

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන පරිදි අද දිනයේ කාලගුණය ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

සියලුම මත්පැන් සහ දුම්වැටි වර්ගවල මිල ගණන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමයි..වැඩි වන නව මිල ගණන් මෙන්න.

සියලුම මත්පැන් සහ දුම්වැටි වර්ගවල මිල ගණන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමයි..වැඩි වන නව මිල ගණන් මෙන්න.


නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මි. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි අදාල නිවේදනයේ සඳහන් වන්නේ.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත්, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බවයි දැනුම්දී ඇත්තේ.

උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ශ්‍රී ලංකාවෙන් නවසීලන්තයට අභියෝගාත්මක ලකුණු පුවරුවක්..අර්ධශතක 03ක් ඒ අතර.(Update)

ශ්‍රී ලංකාවෙන් නවසීලන්තයට අභියෝගාත්මක ලකුණු පුවරුවක්..අර්ධශතක 03ක් ඒ අතර.(Update)


බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලබන්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

You May Like This Video