දහම් සිරිසේන ගෙන් හිටපු ජනාධිපතිගේ හදවත ගැන කතාවක්

sri lanka Politics Daham sirisena My3
By Sithumi Oct 24, 2021 06:23 PM GMT
Sithumi

Sithumi

Report

පොළොන්නරුව දිස්ත්‍රික්කයට සහ ජනතාවට ඉරියේදි එන ඕනෑම අභියෝගයකට මුහුණදීමට තමා සූදානම් බව දහම් සිරිසේන මහතා අද ප්‍රකාශ කළා. ඔහු මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොලොන්නරුව දිස්ත්‍රික් කාන්තා හා තරුණ මණ්ඩල පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින්.

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොලොන්නරුව දිස්ත්‍රික් තරුණ බලමණ්ඩලයේ සභාපති ලෙස දහම් සිරිසේන මහතා පත්කෙරිණි . මීට ප්‍රථම දහම් සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොලොන්නරුව ආසනයේ තරුණ බල මණ්ඩලයේ සභාපති ලෙස පත්කෙරුණු අතර අද දිනයේ සමස්ත පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ බල මණ්ඩලයේ සභාපති ලෙස තේරී පත්විය.

අද රටේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදයත් සමග බොහෝ තරුණ තරුණියන් රට අතහැර දමා යෑමට පෙළඹී ඇති බවත් මෙම අර්බුදයෙන් ගොඩ ඒමට දීර්ඝකාලීන නිවැරැදි වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් දහම් සිරිසේන මහතා කියා සිටියා.එවැනි වැඩපිළිවෙළක් සමග ඉදිරියට යාමට හැකි එකම පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව ද ඔහු එහිදී වැඩිදුරටත් සදහන් කර සිටියා . 

 එමෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කය සහ පොලොන්නරුවේ ජනතාව යනු තම පියාගේ හදවත බවත් ඉදිරියේදී පොළොන්නරු දිස්ත්‍රික්කයට මෙන්ම පොලොන්නරුව ජනතාවට එන ඕනෑම අභියෝගයකට මුහුණ දීමට තමන් සූදානම් බවත් ඔහු සඳහන් කර සිටියා 

ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න.