D.A රාජපක්ෂ කෞතුකාගාර නඩුවේ සෙසු විත්තිකරුවන් 06 දෙනා ගැන දුන් නියෝගය
ඩී.ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉඳිකිරීමේදී ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 33ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කල බව කියන චෝදනාවට එම සංස්ථාවේ හිටපු සභාපති ඇතුලු අධ්‍යක්ෂක මණ්ඩලයේ හිටපු සාමාජිකයන් 6 දෙනෙකු නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියෝග කළා.
ඒ ඊට අදාළ නඩුව චම්පා ජානකී රාජරත්න, දමිත් තොටවත්ත සහ නාමල් බලල්ලේ යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවූ අවස්ථාවේදීයී.
ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ සඳහන් කළේ මෙමගින් තම සංස්ථාවට මූල්‍යමය අලාභයක් සිදුවී නොමැති බැවින් මෙම නඩුව පවත්වාගෙන යාම අභියෝගයක් බවයි.
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේ විත්තිකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර තහනම ඉවත් කර ඔවුන් නිදහස් කිරීමටයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
