රජයේ කිසිදු වෙබ් අඩවියකට සයිබර් ප්‍රහාරයක් එල්ල වී නැහැ..බොරු වැපිරූ තැනැත්තා මාට්ටු.(update)

Cyber attack President website
By Aruna Jun 04, 2021 04:49 AM GMT
Report

Updated

රජයේ වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව පවසමින් අසත්‍ය ප්‍රචාර සිදුකළ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සභාපති යැයි කියාගන්නා රජිව් යසිරු කුරුවිටගේ මැතිව් යන අයෙක් ශ්‍රී ලංකා පොලිසිය පරිගණක අපරාධ ඒකකය විසින් කැඳවා තිබේ. මීට සුළු මොහොතකට පෙර” ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය” ලිපි ශීර්ෂය යටතේ නිවේදනයක් නිකුත් කරමින් අදාළ තැනැත්තා පවසා තිබුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේ වෙබ් අඩවිය ඇතුළු වෙබ් අඩවි කීපයකටම සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි .

........................................................

ජනාධිපති කාර්යාලය ඇතුළු වෙබ් අඩවි 07කට දැවැන්ත සයිබර් ප‍්‍ර‍්‍රහාරයක්...

ජනපති ලේකම් කාර්යාලය අතුළු ප‍්‍රධාන පෙලේ රාජ්‍ය වෙබ් අඩවි කිහිපයක් සයිබර් ප‍්‍රහාරයන්ට ලක්ව ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සදහන් කරයි.

මේ බව සදහන් කරමින් ඔවුන් විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

ජනාධිපති කාර්යාලය, විදේශ අමාත්‍යංශය, වෛද්‍ය පර්යේෂණ ආයතනය, ශ්‍රී ලංකාවේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව, පවුල් සෞඛ්‍ය කාර්යාංශය, වයඹ පළාත් කළමනාකරණ සංවර්ධන හා පුහුණු ඒකකය යන වෙබ් අඩවි දැවැන්ත සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇතැයි හදුනා ගැනීමට අද (04) ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකිවිය.

රාජ්‍ය වෙබ් අඩවි ඉලක්ක කරගෙන මෙවැනි සයිබර් ප්‍රහාර එල්ලවිය හැකි බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පෙන්වා දුන් අතර ඒ සම්බන්ධයෙන් රජයෙහි අවධානය යොමු නොවීම මත මෙම තත්වය උදාවී ඇති බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පෙන්වා දෙමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව් සභාපති

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

අද දවසේ වැඩිදුර තොරතුරු දැනගන්න පහත වීඩියෝව නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now