ඇඳිරි නීතිය දැඩි කරයි - අද රාත්‍රියේ නිවෙස් වලම සිටින්න
By Sewvandhi
ඇඳිරි නීතිය පනවා ඇති බැවින් අද රාත්‍රිය තුළ තම නිවෙස්වලටම වී සිටින ලෙසට සියලුම ජනතාව වෙත පොලීසිය විශේෂ දැනුම්දීමක් කරමින් පවසයි.
ඒ අනුව ඇඳිරි නීතිය අද රාත්‍රියේ දැඩිව බලාත්මක කෙරෙන බව පොලීසිය වැඩිදුරටත් පවසයි එම නිවේදනය මගින් පොලීසිය වැඩිදුරටත් පවසන්නේ සාධාරණ හේතුවක් නොමැතිව මාර්ගවල රැස්වීම, වාහන ගමනාගමනයට බාධා කිරීම දේපල කොල්ලකෑම සහ ප්‍රචන්ඩ ක්‍රියා සිදුකරන තැනැත්තන්ට පූර්ව දැනුම්දීමකින් තොරව බලය පාවිච්චි කර එම ක්‍රියා වළක්වා ගැනීමට පොලීසියට සිදුවන බවය.
එසේම අවශ්‍යවුවහොත් එවැනි අවස්ථාවන්හි වෙඩිතැබීමට සිදුවන බවත් පොලීසිය වැඩිදුරටත් පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |