ඇඳිරි නීතිය තවත් දීර්ඝ කරනවාද නැද්ද යන්න දැනුම් දෙයි ?

Sri lanka covid 19 Sri lanka curfew
By Sithumi Aug 25, 2021 11:52 AM GMT
Sithumi

Sithumi

Report

නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කරන්නේද කරන්නේ ද නැද්ද යන කාරණය සම්බන්ධයෙන් අනිද්දා (27) දැනුම් දෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් දැනුම් දී තිබේ.

එමෙන්ම,ගත වූ සතියේ වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව ඊට කලින් සතියේ වාර්තා වූ මරණ ප්‍රමාණයට වඩා 75% කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි. එහි සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය කියා සිටින්නේ මෙම තත්ත්වය මත විද්‍යාත්මක ක්‍රමයකට මිස රට විවෘත නොකළ යුතු බවයි.

ඉදිරි දිනවල දී රට පුරා කොරොනා පැතිර ගොස් මරණ වැඩිවීම වළක්වා ගැනීමට නම් පියවරයන් කිහිපයක් අනුගමනය කළ යුතුව ඇති බව ද ඇය පෙන්වා දෙයි. එන්නත ලබා නොගත් අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයන් ඇතුළු අනෙකුත් අය ලැබෙන පළමු අවස්ථාවේම එන්නත ලබාගත යුතු බවත්, අන් අයට රෝගය බෝ නොවන ලෙස කටයුතු කළ යුතු බවත් කොරොනා රෝග ලක්ෂණ සම්බන්ධයෙන් අනිවාර්යෙන්ම දැනුවත් වීම සිදුවිය ඇය කියා සිටියාය.

අධික ලෙස මරණ ප‍්‍රතිශතය ඉහළ යාම හේතුවෙන් දින 10න් පසු නැවත රට විවෘත කළ හැකි දැයි ප්‍රශ්නයක් ඇතැයි ඇය තවදුරටත් පැවසුවාය. එමෙන්ම,මේ ඇඳිරිනීතියේ ප්‍රතිඵල ඉදිරියේදී බලාගන්න පුලුවන් රට තුළ මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ඉතාමත් හොද තත්ත්වයක පවතින බව රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.

මහාචාර්යවරයා පෙන්වා දුන්නේ රට සම්පූර්ණයෙන් විවෘතව තැබීමට වඩා දැන් පවතින ආකාරය ඉතා යහපත් බවයි. දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතියේ ප්‍රතිඵල ඉදිරියේදී දැක ගත හැකි බව ඔහු පෙන්වා දෙයි. එමෙන්ම නිරෝධායන ඇඳිරිනීතිය තවදුරටත් දීර්ඝ කිරීමක් සිදුකළ යුතුද නැද්ද යන්න පිළිබදව තමන්ට පැවසිය නොහැකි බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now